
බ්‍රිතාන්‍ය හමුදා සේවයට බැඳී, ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවකු ලෙස සේවය කරද්දී, තමන් පහර දී ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් 25 දෙනකු ඝාතනය කළ බව හැරී කුමරු පවසා තිබේ.
හැරී කුමරු මෙසේ පවසා ඇත්තේ 'ද ස්පෙයාර්' යන නමින් ලබන 10 වැනිදා එළිදැක්වීමට නියමිත ඔහුගේ ස්වයං චරිතාපදානය පොත හරහාය.
හැරී කුමරු කළ ඇති මෙම ප්‍රකාශය ඇෆ්ගන් තලේබාන්වරුන් පාලකයන්ගේ විරෝධයට හේතුවක් වී ඇත.
තලේබාන්වරුන් පවසා ඇත්තේ හැරී කුමරු අතින් මියගොස් ඇත්තේ මුජහදීන් සටන්කාමීන් නොව, ඇෆ්ගන් සිවිල් වැසියන් බවය.
සිවිල් වැසියන් එසේ ඝාතනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව හැරී කුමරුන්ට දොස් නගමින් තලේබාන් සංවිධානය පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කුමාරයෙකුත් නේවි එකෙ ඉද්දි ත්‍රස්තවාදින් විශාල සංඛ්‍යාවක් ඝාතනය කලා.
හැරී මහත්තයෝ ලංකාවේ ඉන්න හම්බ සෙට් එකටත් ඔය ටිකම කරන්නකෝ... මේ ගොල්ලොත් තලෙයිබාන් වර්ගයක්...!
හැරී කුමරු විසින් කර ඇත්තේ එංගලන්ත රජ පවුලේ ආරක්ෂාව අනතුරේ හෙලීමක්; එසේම ගෞරවයද කෙලෙසීමක්; දෙවන එළිසෙබත් රැජණියගේ යහපැවැත්මට කළ නිගාවක්; හැරී කුමරු ආරක්ෂක හමුදාවේ සේවය කිරීමේදී කළ කී දෑ පිළිබඳව රහස්‍ය භාවය රජ පවුල වෙනුවෙන් ආරක්ෂා නොකිරීම බරපතල වරදක්; මුසල්මානු අන්තවාදී ත්‍රස්තවාදයේ භයානකකම හැරී කුමරු විසින් සුළු කොට තකා ඇත. මුසල්මානු ත්‍රස්තවාදයේ "ලේ වන්දි " ගැනීම නොතැකීම බලවත් ප්‍රතිවිපාක අත් විය හැක. රජ පවුලේ ආරක්ෂාව නොතකා කට මැත දෙඩවීම රජ පවුලට සහ රාජ්‍ය තාන්ත්‍රික බවට කළ මදි පුංචිකමක්. රජ පවුලේ ඉදිරි සාමාජිකයින්ට ජීවිත අවදානමකට හෙලීමක්. විසිපස් දෙනෙක් මැරුවත් දැන් ඇත්තේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයක්...
හැරී කුමරු විසින් කර ඇත්තේ එංගලන්ත රජ පවුලේ ආරක්ෂාව අනතුරේ හෙලීමක්; එසේම ගෞරවය ද කෙලෙසීමක්; දෙවන එළිසෙබත් රැජණියගේ යහපැවැත්මට කළ නිගාවක්; හැරී කුමරු ආරක්ෂක හමුදාවේ සේවය කිරීමේදී කළ කී දෑ පිළිබඳව රහස්‍ය භාවය රජ පවුල වෙනුවෙන් ආරක්ෂා නොකිරීම බරපතල වරදක්; මුසල්මානු අන්තවාදී ත්‍රස්තවාදයේ භයානකකම හැරී කුමරු විසින් සුළුකොට තකා ඇත. මුසල්මානු ත්‍රස්තවාදයේ "ලේ වන්දි" ගැනීම නොතැකීම බලවත් ප්‍රතිවිපාක අත්විය හැකි බව අපගේ අදහසයි. රජ පවුලේ ආරක්ෂාව නො තකා "කට මැත දෙඩවීම" රජ පවුලට සහ රාජ්‍ය තාන්ත්‍රික බවට කළ මදි පුංචිකමක් සහ රජ පවුලේ ඉදිරි සාමාජිකයින්ට ජීවිත අවදානකට හෙලීමක්ද කිව යුතුයි. විසිපස් දෙනෙක් මැරුවත් දැන් ඇත්තේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයක්...!