
(අංජුල මහික වීරරත්න)
මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පූර්ණ බලතල සහිත ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත.
ඊට අදාළ සාකච්ඡාවක් ඉකුත් සතියේ අගහරුවාදා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවත්විණි.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායට ශක්තියක් වීම වෙනුවෙන් මෙම විශේෂ කාර්යාලය පිහිටුවීමට නියමිතය.
පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් විශේෂ පනතක් යටතේ මෙයට අදාල බලතල ලබාදීමට සැලසුම් කර තිබේ.
රටට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට මෙන්ම රට අභ්‍යන්තරයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් කොටු කිරීම ආදි කටයුතු වෙනුවෙන් වෙනම ආරක්ෂක කොට්ඨාශයක් ස්ථාපිත කිරීම ආදි කරුණු මුල් කර ගනිමින් මෙම කාර්යාලය පිහිටවනු ඇත.
මේ වන විට ඊට අදාල බලතල සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ 134 නායකයගේ ගොන් ටෝක්ස්; දැන් ඕකට පත්කරන එවුන්ට වාහන පඩි නඩි, ඔහේගෙ සාක්කුවෙන්දදෙන්නෙ. හලෝ අර අනුර කොල්ල කියන විදියට ගුවන් තොටුපලෙයි, මුහුද වටෙයි රැකවල් තර කරනව , දේශ පාලුවො තමයි ඔය හැම දෙයක්ම ඉස්සරහ ඉන්නෙ.උන්ගෙ සල්ලි තමයි චන්දෙදි ඔහේලට වියදම් කරන්නෙ. ඉතින් හලෝ කොහොමද මේ රට දියුනු වන්නෙ.
අල්ලයි අල්ලයි තියෙන පඩංගු කලිසම්වලට වැටෙන්ඩ නොදී තියාගන්නද කාර්යාල තියා ගන්නේ.
ඔක්කොම කරලා ඒක දේශපාලනය කරන අයගෙ අනසකට යටත්වුණාම පුස්ස බින්ඳා වගේ තමයි.
රටට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට සහ කොටු කිරීම සදහා ඉන්දියාව සමග එක්ව ය රට තුලට පැමිණීම නවත්වා ගැනීම සදහා satellite technology යොදා ගැනීම පිලිබදව සොයාබැලීමක් කල යුතුවේ.
පළමුව ලන්සා ඔබගේ කාර්යාලයට එන එක නවත්වන්න
ඕකේ සභාපති හැටියට කන්ජිපාණි ඉමරාන් පත්කරමු.
ලෝකයේ හුඟක් රටවලට තරුණ තරුණියෝ හෙරොයින් ගහලා මං මාවත්වල වැටිලා මරණයට පත්වෙනවා. සමහර රටවල්වල ලංකාවේ මනුස්සයින්ව ඒ නිසා පිළිකුල් කරනවා. මේ හෙරොයින් ඒ රටවල් වලට අරගෙන යන්නේ අපේ විදේශ සංචාරකයෝ. ඒත් විදේශිකයෝ දොස් කියන්නේ අපේ මුළු රටටම.