(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේදී  පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එසේ කළහොත් මුදල් මුද්‍රණය කර මැතිවරණයක් පවත්වන එකම රට ලෙස ඉතිහාස ගතවන බවද ඔහු කීවේය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

" ඡන්දය තියන්න පුළුවන් ලෝක වාර්තාවකුත් එක්ක. මොකක්ද ලෝක වාර්තාව. ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදයක ඉන්න රටක්.මුදල් මුද්‍රණය කරලා පළාත් පාලන මැතිවරණයක් තිබ්බා කියන එක ලෝක වාර්තාවක් තමයි.  එහෙමනම් මැතිවරණය තියමු"