
(සුජිත් හේවාජුලිගේ )
අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක් පමණක් බව බලධාරීන් ඔවුන්ට දැනුම්දී ඇත.
ඊට පසුව එම නිවාස පාවිච්චි කරන්නේ නම් මාසික කුලිය මන්ත්‍රීවරුන්ගෙන් අය කෙරෙනු ඇත. ඒ නිවෙසක මාසික කුලිය රුපියල් හැත්තෑ දහසක් පමණ වේ.
එසේම මන්ත්‍රීවරුන්ට එම නිවාස මිලදී ගැනීමටද බලධාරීන් අවස්ථාව සලසාදී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මන්ත්‍රීවරුන් පිරිසක් එම නිවාස මිලදී ගැනීමට දැනටමත් කටයුතු සූදානම් කරගෙන ඇතැයි පවසන ආරංචි මාර්ග මෙම එක් නිවාසයක් කෝටි දෙකක් පමණ වේ යැයි සඳහන් කරයි.
අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් දේපළ අහිමි වූ ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 82කි. මින් සැලකිය යුතු පිරිසක් බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලබා ගෙන සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තවත් මගඩියක් වගේ...
මේ නිවාස යොජනා ක්‍රමයේ නම අනුව නම් මන්ත්‍රීවරු මෙහි ගැලපෙන්නේ නැහැ. හේතුව මෙය ' වියත් පුර " ඒ කියන්නේ වියතුන් සිටින පුරය. මේ සමාන්‍ය පෙළවත් පාස් නැති මන්ත්‍රීවරු කොහොම ද මෙතන ඉන්නේ.
හරි නම් මේ සියලු වියදම් මහින්ද රාජපක්ෂගෙන් අයකරගත යුතුයි. මිනිස්සුන්ව කුලප්පු කරවලා රටම ගිනිතිබ්බේ ඔහුයි.
හොරුන්ට ලොකු දඬුවමක් වගෙයි මේක. මොන බොරුද මේ කතා..? ඔය අයට සුදු හුණු ගාලා සුදු කරන්න බෑ..
මේ නිවාස සංකීර්ණයේ නම 'ගොන් පුර' කියල වෙනස් කරමු.
ලයිට් බිල් වතුර බිල් ගෙවලාද ? ලක්ෂගනන්වලින් පොලු තියලාද කියා සොයා බලා ප්‍රසිද්ද කරන්න.
ඔය එන්නේ එළියට... මේ කාලකණ්ණින්ට නම් මොනදේ වුණත් සැප තමයි...