චීනයේ අද අලුයම සිදු වූ දරුණු රිය අනතුරක් හේතුවෙන් 17ක් මියගොස් තවත් 22ක් තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර ඇත.
එරට වේලාවෙන් අලුයම 1 ට පමණ ජියැන්ග්ෂි පළාතේ නන්චාන්ග් නගරයේදී මෙම රිය අනතුර සිදුව තිබේ.
රිය අනතුරට හේතුව සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රිය අනතුර සිදුවන අවස්ථාවේ අධික මීදුමක් එම ප්‍රදේශයේ තිබී ඇති බවත් නන්චාන්ග් පොලිසිය පවසා ඇත.
අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වීමට පිටත්ව යාමට පැමිණි පිරිසක් චීනයේ සිරිත් විරිත් වලට අනුව මළවුන් වෙනුවෙන් පුජාවක් අනතුර සිදු වූ ස්ථානයේ සිට පවත්වා ඇති අතර ට්‍රක් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව චීන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මියගිය සහ තුවාල ලැබූ බොහෝ දෙනා එම අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට යෑමට පැමිණි පුද්ගලයන් බව එම මාධ්‍ය පෙන්වා දී ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
චීනයේ මහා රිය අනතුරක් 17ක් මරුට