(සුජිත් හේවාජුලිගේ )
අන්තනෝමතිකව කටයුතු කරන, අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය කළ යුතු යැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.
බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ප්‍රතිරූපයවූ දළදා වහන්සේට අපහාස කිරීම බෞද්ධයාට කිසිසේත්ම දැරිය නොහැක්කක් බව පැවසූ උන්වහන්සේ සේපාල අමරසිංහ බෞද්ධාගමට අපහාස කරන එක් පුද්ගලයකු පමණක් බවද ප්‍රකාශ කළහ.
මෙවැනි පුද්ගලයන් මේ රටේ තවත් සිටින බවත් ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි මේ වහන්සේට බුදුහාමුදුරුවෝ දේශන කල ධර්මය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න , දේශපාලන වැඩ නිසා මන් හිතන්නේ බන පොතක් වත් කියවන්න වෙලාවක් නැතුව් ඇති . බුදුහාමුදුරුවෝ ලෝකෙටම ආදර්ශයක් දුන්න නින්දා අපහාස වලට මුහුණ දෙන හැටි .
අපේ හාමදුරුවනේ, ගිහිගෙය අත්හැරලා යනවා කියලා දවසෙම ගිහිගෙ ගැන හිත හිත බුදු දහමින් පිටත අයාලේ යන චිවරදාරින්ට මොකද කරන්න ඕනේ?
භික්ෂුන් වහන්සේ ද සියලු දේශපාලනයෙන් මුදාගත යුතුයි. අද බොහෝ භික්ෂූන් වහන්සේලා දේශපාලන පිල් වලට බෙදිලා.බුදු පියාණන් වහන්සේ අලුයම ලු කෙළ පිඩක් සේ ඉවත දැමූ සක්විති රජකමට වඩා අද සමහර භික්ෂූන් වහන්සේලාට දේශපාලනය ලොකු වෙලා.එදා කිසිදු මතු දැනීමක් හෝ සිතීමක් නොමැතිව ඝෝඨා බලයට ගෙනා අය අද ගෝඨාට හා පොහොට්ටුවට එරෙහි වෙලා ඊට එරෙහිව සටන් කරනවා.ලැජ්ජාව නිසා එසේ කළත්,අසාධාරණ දූෂිතයන් රජ කරවා රට බංකොලොත් කිරීම සන්බන්ධවූ ඔවුන් රජකරවු අය වගකිව යුතුයි.එවන් අය අද කියනා කරන දේ ගැන විශ්වාසයක් තබා ගත හැකිද ?
සමාජ ජාලා පාලනය සහ සේපාල දළදාවට අපහාස කිරීම දෙකක්. අපේ හාමුදුරුවෝ මේ දෙක පටලවා ගෙන ඇති බවකුයි පෙනෙන්නේ...
මම හිතන්නේ සමාජ මාධ්‍ය වලට කලින් සිවුරු ඇදගෙන විකාර වැඩ කරන පුද්ගලයන් නියාමනය කළ යුතුයි.
ගිනි තියූ අය නීති දැලේ - අන දුන් අය නිදැල්ලේ - ගෝල් ෆේස් අරගලේ - ඔඩු ගිහිල්ල ආයලේ -
අයාලේ යන හාමුදුරුවරුන් පාලනයක් ගැන කතාවක් නෑ, එහෙම උනොත් 80% හාමුරුවරු පුනරුත්තාපනේ
භාෂණයේ නිදහස කුමක්ද නොදත්, නූගත් ගොබ්බයින් සිටින රටක සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි.
ඔබ වහන්සේ කිව්වා තිළිණි ප්‍රියමාලි ළඟ සල්ලි දාලා තියෙන ඕමල්පේ සෝභිත මම නෙවෙයි වෙන ඕමල්පේ සෝභිත කෙනෙක් කියලා.. කෝ එහෙම කෙනෙක් ඔබ වහන්සේ දන්නවනම් විස්තර කියලම දැම්මනම් වැඩේ ඉවරනේ... අපි නම් ඔබ වහන්සේගේ වැඩ හරියටම දැනගන්නේ සෝෂල් මීඩියා වලින්...
එතකොට ආයලේ යන හාමුදුරුවරු??
දැන් හැමෝම මාධ්‍යවේදීන් වෙලා. U tube එකක් අහුවෙලා මේ ගොල්ලන්ට වඳුරට කන්නාඩියක් අහුඋනා වගේ වෙලා. ඉහල දේශපාලකයෙකුට, ඉහළ නිලධාරීකුට ආගමික නායකයෙකුට හෝ ස්ථානයකට මඩ ගැසීම තමයි මේ ගොල්ලන්ගේ අභිප්‍රාය. ඒකෙන් තමයි ජනප්‍රිය වෙන්න බලන්නේ. "අනේ අපිව දැනුවත් කලාට මහත්තයට බොහොම පින්" කියලා ඒ පිරිසට හුරේ දාන ගොබ්බ, මෝඩ කට්ටියක් ඉන්න නිසයි මේ පිරිස් ෆෝම් වෙලා උඩ පනින්නේ. කෝකෙත් සීමාව දැනගෙන වැඩකරන්න ඕනේ. මහාලොකු ප්‍රබුද්ධ කියලා හිතාගෙන හිටපු කෙනෙක්ට නම් බඩු හරි. ..... තව ඉන්නවා.....
මානව චින්තනයේ නිදහස හා මෙත් කරුණාවේ ගුණාංග ලොවට දේශනා කළ ජීවමාන උතුම් තථාගත දහම ඉදිරියේ මේ අමන , අවිචාර , අධම මුග්ධයින් කීපදෙනෙකු ගේදොර ඉදිරිපිට මලපහ කිරීම මෙ සිරිලකම හැරුණු විට ලොව කෙබඳු රටක නම් දැකිය හැකිද ..? උදේ සිට රෑ වන තුරු අවිචාර, අධම, අමන, අසැබි දේම වපුරන social media කාරයින් ඉන්න රටක් වෙන කොයිබ තිබේ ද...?මේ අමනයින් ගේ මුග්ධ කියුම් කෙරුම් වල අනිටු ප්‍රතිඵල ලැබෙන්නේ දැන්ම නොව අනාගතයේදී ය..! මෙවැනි සමාජ වෛරි ප්‍ර්‍රකාශ බටහිර රටක නම් දැඩි දඩුවම් ලැබෙන Hate Crime ගණයට වැටෙන අපරාධයක් ...! මේවැනි අමන , අවිචාර ,අධමයින් ගෙන් පෑරුන අපේ රටේ හදබස සුවපත් කිරිමට ඔබවහන්සේලාට පැවරී ඇති ඓතිහාසික කාර්ය සුලුපටු නෑ අපේ හාමුදුරුවනේ .... උපන් බිමෙන් බොහෝ ඈත සිටින අපට මේවා අසන දකින විට දැනෙන්නෙ විශාල සංවේගයක්.. අද ලංකාව දේවදත්තලා, අජාසත්තලා, චිංචමානවිකාලා, හා මිසදුටුවන් ගේ පාරාදීසයක් ...! අමන අසුරයින් ගේ සුරලොවක්...! අද බුදුදහමේ නිසි ප්‍රයෝජනය ප්‍රායෝගිකවම ලබාගන්නේ අපනොව බටහිර සමාජයයි...! නිර්මල තථාගත දහමත් තවකලකින් බටහිර රටකින්ම ලබාගෑනිමට සිදුවන දිනක් අපේ ජීවිත කාලයේ උදා නොවේවායි පතමි...!
අපි ඔය බඩවඩාගන්න මුදුන වෙන්න දඟලන චීවරධාරීන්ව ගණන් ගන්නේ නැහැ. හැම දෙයක්ම තමන් තමන්ගෙන්ම පටන් අරගෙන ඊට පස්සේ ගමට රටට ජාතියට.