IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ශ්‍රීලනීප නිර්මාතෘ සමරන්න දෙපිළකට බෙදේ

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම අද (8) ට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ සහ නියෝජනය කරන කණ්ඩායම් වෙන වෙනම සමරු උත්සව දෙකක් සංවිධානය කර තිබිණි.

එක් උත්සවයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ බණ්ඩාරනායක මහතාගේ දියණිවරුන් වන හිටපු ජනාධිපතිනි සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ද සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අසලදී අද උදෑසන 8.30 ට පැවති අතර, අනෙක් උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේ දී උදෑසන 9.30ට පැවැත්විණි.

බණ්ඩාරනායක පිළිරුව අසල පැවති උත්සවය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්‍ෂයේ ඇමතිධූර දරණ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ශ්‍රී.ල.නි.ප හිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පීරිස්, නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරු, බණ්ඩාරනායක මහතාගේ දියණියක වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සහ තවත් දේශපාලනඥයන් පිරිසක් ද සහභාගී වූහ.

නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති උත්සවයට එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු එම පක්‍ෂ සාමාජිකයෝ පිරිසක් එක්වූහ. මෙම උත්සව දෙකම චාම් සහ අභිමානවත් අයුරින් සංවිධානය කර තිබිණි.

(ඡායාරූප ශාන්ත රත්නායක)

 



අදහස් (12)

ශ්‍රීලනීප නිර්මාතෘ සමරන්න දෙපිළකට බෙදේ

ganegoda Sunday, 08 January 2023 02:41 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත SWRD බණ්ඩාරනායක මහත්තයාව සමරන්න ‘‘හාමුදුරුවරුන්ට අටපිරිකර පූජාකිරීම හොඳ දෙයක්... ඒත් අපි දැනගන්න කැමැතියි මොනවා වෙලාද? බණ්ඩාරනායක මහත්තයා නැතිවුණේ කුමක් නිසාද?

:       20       15

SWRD. XYZ Sunday, 08 January 2023 05:07 PM

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු අන්තිමේදි ඔක්කොම හොරු.. අද මේ රට ලෝකෙන්ම කොන්වෙලා අන්ත දුප්පත් වෙන්න ඡන්ද ගුණ්ඩුව හේතුවුණා. රටේ අය පට්ට සිංහල කරලා එයාගේ ළමයි, ළමයින්ගේ ළමයි ඔක්කොම කේම්බ්‍රිජ් යැව්වා.. රටේ එවුන්ට දූපත් මානසිකත්වයක් හදලා අද හැම අතින්ම රට කොන්වෙලා...

:       2       54

sisilSunday, 08 January 2023 05:55 PM

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු අන්තිමේදි හැමෝම රටේ දියුණුවට කෙසේ වෙතත් හොර Unions බවට පත් කරගෙන රට විනාශ කරමින් සිටි.

:       0       8

කල්ප Monday, 09 January 2023 06:13 AM

සහතික ඇත්ත උන්නැහේ කරපුදේ නිසා තමයි රටේ අවුරුදු තිහක යුද්ධය ආරම්භ වුනේ.පුද්ගලික අංශය විනාශවී ලංකාව හිගන රටක්වුනේ හාමුදුරුවෝ දේශපාලුවො වුනෙත් ඒ නිසා තමයි ඉතාමත් උසස් අධ්‍යාපන ක්‍රමයක් තිබුන පිරිවෙන් රජයට ගත්තා උන්නැහේලට තිබුන වත්කම් වලට සමාන වත්කම් වෙනත් අයටත් ලැබේවි සිතා අන්සතු සැපතට ඊර්ෂ්‍යා කර ඒවා පවරාගැනීම් කලා එයින් ඒවා බොහොමයක් විනාශ වුනා හාමුදුරුවෝ රැකියා සදහා ගත්තා බුදු දහම විනාශයට පත්වෙනවා රට පක්ෂ ජාති ආගම් වලට බෙදුනා.කොහොමින් කොහොම හරි ඔක්කොටම උන්නැහේගෙ සොහොන අමතක වෙලා කියලා පේනවා

:       0       11

sampath Sunday, 08 January 2023 06:28 PM

නරකද කට්ටියම එකතුවෙලා සාංඝික දානයක් දුන්නා නම්? ඔය සමරු උත්සව කියන ඒවා ආසියාතිකයින්ට හුරුපුරුදු දේවල් නෙවෙයි.

:       0       0

siri Sunday, 08 January 2023 06:49 PM

එකක් අත අනෙක කකුල වෙන්න ඇති. අනේ අපොයි මේ රටට වෙච්ච දෙයක්.

:       0       5

Lalith M Sunday, 08 January 2023 09:07 PM

අද ලංකාව මුහුණ දෙන තත්ත්වය ඇතිවීමට මූලික පදනම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නම් මුලාව. බල තන්හාව නිසා ඇටවූ පංච මහා බලවේගය නම් අපරාධය නිසා ලංකාව ජාති ආගම් පදනම මත බෙදුනා. ඒ වගේම ජනසතු ව්‍යාපාර කියන සංකල්පය නිසා දේශීය ධනවතුන් විනාශ වුනා. අවසාන ඵලය ආයෝජනයට මුදල් විදේශ ගසාකන්නන් වෙතින් ලබාගත යුතු වීම. අද අපිට ජාතික අනන්‍යතාව නෑ.

:       0       9

Perera Sunday, 08 January 2023 09:08 PM

ඔය මිනිහ තමයි ලංකාව විනාශ කරන්න මුල්ගල තිබ්බෙ.

:       0       1

ලුම්බිණි Monday, 09 January 2023 04:36 AM

දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා අද අපේ රටේ තිබෙන ප්‍රශ්න වලට වැඩි පුරම වග කිවයුතු පුද්ගලයෙක්.

:       0       12

sugath Monday, 09 January 2023 11:51 AM

ඔහුගේ සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු සමග අපේ ජනතාව දෙකඩ කළ අතර එහි දුක්ඛිත ප්‍රතිඵලය දැන් අපි දකිමු.

:       0       10

චන්දිම Tuesday, 10 January 2023 11:32 PM

අර මනුස්සයා මෙතැනත් නිදිකිරා වැටෙනවා...

:       0       2

podiaarachchi Wednesday, 11 January 2023 05:44 AM

බණ්ඩාරනායකලා උනත් රාජපක්ෂලා උනත් ,අපි පවුල් වාදයට විරුද්ධයි

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33022 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15668 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10049 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 177 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 206 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 520 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site