IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය

(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක  අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර, මාපලාන, ශ්‍රී පලාපද්දල පුදේශයේ පදිංචිව සිටි සරණි නිසාදරී නිළුපුලී රණසිංහ නැමැති 18 හැවිරිදි පාසල් දැරියක් සහ ඇගේ ඥාතියකු වූ කේ චමිලා රංජනී දැරියගේ ඥාතියෙකු වන 37 හැවිරිදි කාන්තාවකි.

රත්නපුරයේ පාසල් පහක සිසු සිසුවියන් පිරිසක් බස් රථයකින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේ අසල ගුහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටයිකොන්ඩෝ තරගාවලිය සඳහා සහභාගි වී ඇති බව පොලිසිය කියයි.

ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ දියණිය ද තරගාවලියට සහභාගී වී සිටින අතර ජීවිතක්ෂයට පත්ව සිටින පාසල් සිසුවිය ඇගේ ඥාති දුවකු බව පොලිසිය කියයි.

ටයිකොන්ඩෝ තරගාවලියට සහභාගි එම දැරියගේ ඥාතියෙකුගේ නිවස පිහිටි අනුරාධපුර නව නගරයේ නිවසකට ගොස් දහවල් ආහාරය ගෙන පැමිණෙමින් සිටියදී , පිරිමි දරුවකු , සහ ගැහැණු දරුවකු , කාන්තාවක දුම්රිය මගේ ඡායාරූපයක් ගෙන් සිට ඇති බව පොලිසිය කියයි.

දුම්රියක් පැමිණෙන බව අසල්වාසීන් පැවැසුව ද ඔවුන් සෙල්ෆියක් ගන්න යෑමේදී මෙසේ දුම්රියේ ගැටී මරුමුවට පත්ව ඇත.

 



අදහස් (0)

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 306 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site