IMG-LOGO

ජාජබ රට හදන හැටි කළුතරදී කියයි

(ප්‍රේමතිලක පෙරමුණ)

ජාතික ජනබලවේගය හදන ආණ්ඩුවක උපරිම කැබිනට්ටුවේ සාමාජිකයන් ගණන අනිවාර්යයෙන් 25 කට සීමා කරන බවත්,මෙතුවක් කල් පාලකයන් පොල්කටු හැන්දෙන් බෙදාගෙන ජනතාවට කන් හැන්දෙන් බෙදන න්‍යාය වෙනස් කරන බව කළුතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  මතුගම දී පැවසීය

ජාතික ජනබලවේගය මතුගම ආසන බල මණ්ඩල කැදවීම් අවස්ථාවට සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා " අපි හදන ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය සීමා කරනවා පමණක් නොවේ ඇමති කාර්‍ය මණ්ඩලය සීමා කර, අමාත්‍යවරයාගේ පවුලේ කිසිම සාමාජිකයකු පත නොකිරීමට වග බලා ගන්නා බවට සහතික වෙනවා ඒ වගේම ඒ පෞද්ගලික කාර්‍ය මණ්ඩලයේ අයගෙ අධ්‍යාපන සුදුසුකම් ජනතාවට දැනගැනීමට සැලැස්වීම අනිවාර්යෙන්ම නීතියක් බවට පත් කරනවා ,

දැන් රාජ්‍ය ඇමතිවරයෙකුටත් වාහන තුනක් තිබෙනවා.මොකටද වාහන තුනක්.එයාලගේ ඔලුව ,කද අතපය වෙන වෙනම යවනවද.? මේකට කියන්නෙ රථ ගාය මේ වාහන මේනියාව වහාම නැති කරනවා

දැනටමත් අපි හිටපු ජනාධිපතිවරුන් සහ එයාලගේ ආර්යාවන් බලා ගැනීම එයාලගේ දරුවන්ගේ යුතුකමක් වගකීමක්. එහෙම බැරිනම් පාර්ලිමේන්තුවට කිව්වොත් ඒකට පිං අර මුදලක් ඇති කිරීම ගැන සලකා බලන්න පුලුවන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවට තමන්ගේ අධ්‍යාපන අධ්‍යාපන සුදුසුකම් දැනගැනීමට සැලැස්වීම නීතියක් බවට පත් කරනවා එහෙම නැතුව මේ රට කවදාවත් හදන්න බෑ



අදහස් (10)

ජාජබ රට හදන හැටි කළුතරදී කියයි

Nalins Sunday, 08 January 2023 09:51 PM

අපි කැමතියි ටිල්වින් සිල්වාගේ සහ ලාල්කාන්තගේ සුදුසුකම් දැනගන්න

:       0       2

කිරි පුතා Monday, 09 January 2023 05:46 AM

ඔබලා අපගේ එකම බලාපොරොත්තුවයි

:       3       1

Perera Monday, 09 January 2023 07:56 AM

පල්ලමකට වැටිල චප්ප චොරු වුන වාහනයක් නැවත ගොඩ අරන් හදන්න බැහැ යකඩ වලට විකුනනව ඇරෙන්න.

:       1       2

ත්‍රස්ත මාෂල් Monday, 09 January 2023 08:10 AM

මෙච්චර අවරුදු ගානක් ලංකාවේ දේශපාලුවෝ කලේ , කරන්න බැරි පොරොන්දු දීල චන්ද ලබාගෙන රට කාබාසිනියා කල එක . විවස්ථාවට පිටින් කරන්න බැරි දේවල් දැන්ම කියවන්නේ කාව රවට්ටන්නද ? ආපු ගමන් ඕව කරන්න පුලුවන්ද ? බලය ගත්තත් ,අවරුදු 5 යන්න ඉස්සෙල්ල පුරුදු කල හෙල්මට් පාරවල් කන්න එපා කම්පාදුවට . උතුරේ යුද්දයක් තියෙද්දී , දකුණේ තව යුද්දයක් පටන් ගත්ත දේශප්‍රේමීන් හිටිය රටක් මේක .

:       1       3

Bamunuarachchi Monday, 09 January 2023 08:16 AM

මොනවිකාරද මේ හාදය දොඩවන්නේ? කැබිනට් ඇමතිකම් 25ට අඩුකිරීම ඔවුන් පාවිච්චිකර කාර් ගණන අඩු කිරීමෙන් අරටේ ආතිකය හරියනවාද? ජේවීපියට තිබෙන ලොකුම ප්‍රශ්නය ඔකද? පළමුවෙන්ම අපිට කියන්න ඔබලාගේ පාලනය ක්‍රමය කොමිනිස්ද ප්‍රජාතන්ත්‍ර වාදී එකක්ද? රටට වීදෙෂීය මුදල් උපයන්නේ කොහොමද? අවුරුදු 57 ප්‍රතික්ෂේප උන ජේවීපියට රටේ මිනිස්සු චන්දය දෙන්නේ ඔබලා රටට මොනවා කලාටද? චන්දය දීමට තරම් දෙයක් ඔබලා රටට කලාද? අනික් පාලකයින්ගේ වැරදි රට කොමිනිස් කිරීමට තරම් හේතුවක්ද? අනික් පාලකයින්ගේ වැරදි පෙන්වීම ඔබලට චන්දය දීමට සුදුසුකමක්ද? ලෝකේ ආර්ථික අතින් වැටුන රටවල් ගොඩ ආවේ ජෙප්පෝ නිසාද්? ආර්ථිකය වැටුන සිංගප්පුරුව ගොඩ ගත්තේ ජෙප්පොද? ජෙප්පන්ට රට ගියොත් විදෙස් විනීමය හොයාගන්න බැරි උනොත් අපිට වෙනදේ අපි බොහෝදෙනෙකුට හිතා ගන්න පුළුවන්.

:       3       2

චමින්ද Monday, 09 January 2023 12:51 PM

සහතික ඇත්ත බමුණු, සහතික ඇත්ත... ඔවුන්ට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ... පුළුවන් වර්ජන හා තර්ජන කිරීම පමණයි.. එක ලොක්කෙක් කරන වැඩක් නැහැ... බලා ඉන්නේ දිනන තුරුම තමයි.

:       1       2

LalithM Monday, 09 January 2023 08:52 AM

අධ්‍යාපනය විසින්ම කිසිවක් නොකරනු ඇත. මේ පාර්ලිමේන්තුවේ මහාචාර්යවරු සහ වෛද්‍යවරු කී දෙනෙක් ඉන්නවාද? සතයක්වත් වටින් නැති.

:       2       3

යෝගා Monday, 09 January 2023 09:07 AM

ඔක්කොටම කලින් රස්සාවක්වත් කරන්නේ නැතුව තමුන් හැදුන හැටි, ලමයි පිටරට යවපු හැටි කියලා හිටියනම් හොඳයි නේද..?

:       15       6

sharm warnMonday, 09 January 2023 01:37 PM

කෝච්චියේ මාල කඩපු එකාගේ ළමයට විදේශික වෛයිද්‍ය උපාධියක් ගන්න පුළුවන් උනේ කොහොමද කියලා ඔයාට හිතුනේ නැද්ද

:       1       0

BamunuarachchiTuesday, 10 January 2023 04:32 PM

කෝච්චියේ මාල කඩපු එකත් වැඩක්ද? ජෙප්පෝ කඩුවේ බැංකු. මංකොල්ල කාවේ රටේ ජනතාවගේ දේපල. මේ මිනිහා කාගෙවත් කෑලි අහුලාගෙන අපිට කියනවා. මම කියන්න අපේ ඇස් ඉදිරිපිට රටේ වෙච්ච දේවල්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site