IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘ණය හිමියන්ගේ දැඩි තීරණ සහාය ප්‍රමාද කරනවා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙරට පුද්ගලික ණය හිමියන් වන ලෝකයේ බලගතු ආයෝජකයන් සහ හෙජ් අරමුදල් දරන දැඩි ස්ථාවරය ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට ලැබිය යුතු සහාය ප්‍රමාද කරවා ඇතැයි ලෝකය පුරා සිටින ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් 182 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට අවස්ථාවක් ලබා දීම සඳහා පුළුල් ණය අවලංගු කිරීමක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය, මතුවෙමින් පවතින ගෝලීය ණය අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සූදානම පරික්ෂා කරන අවස්ථාවක් වනු ඇති බවත් එම ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් කණ්ඩායම "ද ගාර්ඩියන්" පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ.

පුද්ගලික ණය හිමියන්, ශ්‍රී ලංකාවට ණය දීමේදී මතුවන අවදානම ආවරණය කිරීම සඳහා ඉහළ පොලියක් යටතේ වාරික අය කර ඇති බවත් එය ඔවුන්ට විශාල ලාභයක් උපයා දී ඇති බවත් ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් කණ්ඩායම පවසා තිබේ.

2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ පළමු ණය පැහැර හැරීමටද එය දායක වී ඇති බවත් ඉහළ පොලියක් සහිත වාරික හේතුවෙන් ලාභ ලැබූ පුද්ගලික ණය හිමියන් දැන් එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් 185 දෙනකුගෙන් යුත් කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

 

 



අදහස් (1)

‘‘ණය හිමියන්ගේ දැඩි තීරණ සහාය ප්‍රමාද කරනවා‘‘

kamal Monday, 09 January 2023 02:22 PM

රටට දැරිය නොහැකි ඉහළ පොලියක් යටතේ ණය ගැනීමට තීරණය කළ මේ රටේ දේශපාලකයින් මීට වගකිව යුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site