(බී.ජී. චතුරංග)
බීමත්ව පැමිණ තම මවට පහර දුන් පුතකු පියා සිදු කළ පහර දීමක් හේතුවෙන් පුතා ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යූ.ඩබ්ලිව්.ඒ. විනුර විරංජන නැමැති විසිපස් හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු තම පියා මව සහෝදරයන් සමග එම ලිපිනයේ පිහිටි නිවසේ ජීවත්ව සිටින බවත් මීට වසර දහයකට පමණ පෙර සිදු වූ රිය අනතුරකින් දකුණු පාදයේ කොටස ඉවත් කර තිබෙන බව පොලීසිය සඳහන් කළේය.
දිනපතා බීමත්ව පැමිණෙන මරණකරු තම මවට පියාට සහෝදරයන්ට පහර දෙන බව විමර්ශනවලදී අනාවරණය වූ බවත්, සිද්ධිය සිදුවූ පෙරේදා රාත්‍රියේද බීමත්ව පැමිණ තම මවට පහර දුන් අවස්ථාවේදී පියා ඊට මැදිහත් වී සිදු කළ පහර දීමකින් එක් පාදයක් වාරු නොමැතිව සිටි මරණකරු බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මවට පහරදුන් පුතා පියාගේ පහරින් මරුට
Surathalaa Friday, 06 January 2023 01:07 PM
වසරේ පළමු දුරුතු පොහෝ දා අසන්නට ලැබුනේ මෙවන් ප්‍රවෘර්තියක් නම් මේ ලක්බිම ගැන ඇතිවන්නේ මහත් කලකිරීමක් සහ කනගාටුවක්
Sunil Friday, 06 January 2023 01:35 PM
කිසිම දුකක් නැහැ
ruwan Friday, 06 January 2023 03:21 PM
ඇයි මෙච්චර කල් බලන් හිටියේ ඕක කරන්න අම්මපා.