(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දස හැවිරිදි දරුවකු පැහැරගෙන සිර කරගෙන සිටි කාන්තාවක රන්දිය උයන හේනමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි.

සියාගේ බාරයේ සිටි දස හැවිරිදි දරුවා මුදල් ආරවුලක් හේතුවෙන් මීගමුව අධිකරණය අසලදී පැහැරගෙන තිබූ බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්යය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත (බුද්ධි විශේෂ මෙහෙයුම් මහා මත්ද්‍රව්‍ය නාසක නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන ) සහකාර පොලිස්  අධිකාරී ඩි එස් කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරේ.