(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බස් රථයක් තුළදී නාවික හමුදා හෙදියකගේ ඇඟට හේත්තු වී ඇයට හිරිහැරයක් වන ආකාරයට කටයුතු හැසිරුණැයි කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙම වෛද්‍යවරයා ඔහු සතු කැමරා පහසුකම් සහිත ජංගම දුරකථනයෙන් මෙම හෙදිය වීඩියෝ කරගෙන ඇති බව ද එම වෛද්‍යවරයා සතුව තිබියදී පොලිස් බාරයට ගත් ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේදී දක්නට ලැබුණු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකාර වෛද්‍යවරයා බස්නාහිර පළාතේ පිහිටි මූලික රෝහලක රාජකාරි කරන අයෙකි.
නාවික හමුදාවේ සේවය කරන හෙදිය මේ බව මගීන්ට දැනුම් දීමෙන් පසු මගීන් පිරිසක් වෛද්‍යවරයා අල්ලා ගෙන පොලීසියට බාර දී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා බීමතින් සිටින බව පෙනී ගිය නිසා ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මොහු බීමතින් සිටින බවට එම වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
නාවික හමුදාවේ හෙදිය ද ඇයට සිදුවූ අතවරය ගැන පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට පුරුදු උන එකාට අන්තප්පුරයක් දුන්නත් වැඩක් නැහැ
මේ තරම් විවෘතව ලිංගික හැසිරීම් වල යෙදෙන්න ඉඩදීලා තියෙන රටේ මොනවට ජැක් ගහන්න යනවද? ඩයනා මැඩම් ගේ යෝජනා වලට සාක්ෂි මේ තියෙන්නේ.
ජැක් ගැසීමට පුරුදු වූවන් එයට ඇබ්බැහි වේ. ඒ නිසා මානසික ප්‍රථිකාර අවශ් යවේ. ජැක් එකට ප්‍රිය කරන කාන්තාවන්ද බොහෝ වේ. කොපමන හිස් බස් ආවත් ඔවුන් නගින්නේම සෙනග පිරුනු ඉඩ නැති බස් වලටය. මෙමගින් ඔවුන්ව පහසුවෙන් හදුනාගත හැකිය.
මූලික ප්‍රවාහන පහසුකම් නොමැතිව තැලිලා පොඩිවෙලා මිරිකිලා යන කාන්තාවන්ට මෙහෙම කරන එක කොයි තරම් අසාධාරණයක්ද? අපිට තවත් මේ තත්ත්න්වයෙන්වත් මිදෙන්න බැරි වුණානේ. අනෙක වෛද්‍යවරයෙක් මෙහෙම වෙනවනම් මේ අධ්‍යාපනයේ හිඩැස පෙන්වා. ගුණ නැන බෙලෙල් යුතු පුතුමය ඉතා ගරු කියලා සුභාෂිතයේ කියන්නේ දැනුම විතරක් මදි ගුණාත්මක වෙන්න ඕනි කියලයි. අධ්‍යාපනය ප්‍රමාණාත්මක වුණත් ගුණාත්මක නොවීමේ විපාක.
එම වෙදදුරුට වාහනයක් නොමැති බැවින්, පොදු ප්‍රවාහනය භාවිතා කරන්නට ඇත්තේ, මුක්කු ගැසීමේ මනා පළපුරුද්දක් ඇති අයෙක් නිසා විය හැකියි.