(සුජිත් හේවාජුලිගේ)
වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7000 කින් 5612ක් 2020 වර්ෂයේ ජුලි 16 වැනිදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව මෙම ඖෂධයේ හදිසි අවශ්‍යතාවක් තහවුරු නොවූ බව එම කාර්යාලය සඳහන් කරයි.
ගැණුම් ඇණවුමකට අනුව (2018 වර්ෂය සඳහා වූ) ඉපොටින් ඉන්ජෙක්ෂන් (Epoetin Injection) 1000IU එන්නත් හත්දාහක් හැකි ඉක්මනින් වෛද්‍ය සැපයුම් අංශයට සැපයිය යුතු බව සැපයුම්කරුට දන්වා තිබූ අතර වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂගේ 2019 ජුනි 19 දිනැති ලිපිය මඟින්ද මෙම එන්නත් හදිසි බව දන්වා තිබිණැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම එන්නත් තොගය කල් ඉකුත් වී නැතිනම් ලොකු වාසියක් තමයි. ඒ කියන්නේ දැන් එම තොගය මිලදී ගන්නවා නම් තුන් ගුණයක් පමණ වැඩියෙන් ගෙවන්න වෙනවා.
මේ වගේ හොර මගඩි වලට විරුද්ධව කවුද දැන් නඩු දාලා නීතිය ක්‍රියාත්මක කරන්න උනන්දු වෙන්නේ?දියවන්නාවෙ ඉන්න එවුන්ද..?එහෙම නැත්තං දේශපාලුවන්ට ගැතිකම් කරන තට්ටෙ ගාලා කහ සිවුරු පොරෝගෙන ඉන්න අයද..?
Corruption and inefficiency is the rule of health ministry. Politicians and professionals steal tax payers money.