
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල නගරයේ හරස් පාර ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරුවකුගේ පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු පොලිසිය සමග හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගිය බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයට කියයි.
ඉකුත් මස 18 වන දින රාත්‍රීයේ දුම්වැටි මිල දී ගැනීමට යතුරු පැදියකින් පැමිණ තිබූ පුද්ගලයන් දෙදෙනකු ගෙන් අයකු වෙළඳසැල තුළටම පැමිණ මුදල් කවුන්ටරයේ සිටි ආපනශාලා හිමිකරු වන මොහොමඩ් ෆර්හාන්ට (46) වෙඩි තබා ඝාතනය කර තිබිණි.
ඝාතනයට ලක්වූ එම පුද්ගලයා හංවැල්ල පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකි.
අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බස්නාහිර බස්නාහිර-දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඝාතන සිද්ධියට අනුබල අනුබලදීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබිණි.
ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු නිරිපොළ ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ වැටලීමේදී පොලීසියට වෙඩි තැබීමේදී පෙරළා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලද එම පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයා කරවිට සීයා නැමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයකු වන අතර හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතන සිද්ධියේ වෙඩික්කරු ද ? එම සිද්ධියේදී යතුරුපැදිය යතුරුපැදිය පැදවූ පැදි කරුද ? යන්න මෙතෙක් නිශ්චිතව හඳුනා ගෙන නැතැයි ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හංවැල්ලේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට
Gagana Friday, 06 January 2023 10:01 AM
සීය කෙනෙක්නම් නෙමෙයි. හොඳට ඇඟපත වැඩුනු තරුණයෙක් තමයි අපනම් වීඩියෝවේ දැක්කේ. අපරාදෙ සීයෙක්ව මැරුවෙ.