(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බෙල්ලන්විල මයුර මාවත ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි.
මේ ආකාරයට කටයුතු කිරීම 1958 අංක 41 දරණ ආගම් විරෝධී ප්‍රකාශන පනතේ පවතින නීතිමට තත්ත්වය අනුව දඩුවමක් ලැබි හැකි වැරදි බවත්, මෙම පනත්වලට අදාල වැරදි සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වීම හේතුවෙන් මොවුන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 10ක් නොවේ එල්ලන්න ඕන මේ අධමයව.
සේපාල්ට අත නොතබනු….!
කරුනා අම්මාන්ද ඇල්ලුවේ….? ඇයි එයානේ බෝම්බේ ගැහුවේ….?
නැති ඉටි ගෙඩියක් වෙනුවෙන් මිනිස්සු හිරේ දමන අමන රට නැති ඉටි ගෙඩියට බෝම්බ ගහපු එකා පාර්ලිමේන්තු යවයි
දන්ත ධාතුව ඌරු දතක් කියලා කියපු කෙනා අත්අඩංගුවට ගන්නේ නැද්ද?
රැවුලයි කොණ්ඩෙයි කපලා පුනරුත්ථාපනය කරන්න. කොහොමත් අදාල රටකින් මිනිහට දැනටමත් වීසා ලෑස්ති වෙලා ඇති. NGO හුරතලෙක්නේ.
නාකි රැවුලා ට හොඳම වැඩේ
"භාෂණයේ නිදහස දියව්", "ප්‍රජාතන්ත්‍රවාදය දියව්" වගේ බෝඩ් ලෑලිකාරයන් ගෙන් සහ මෙයාගේ "රෝං ජෙනරේෂන්"ගෝල බාලයන් ගෙන් දැන් ඉතින් අපට කණ පැලෙන්න අහ ගන්න වෙයි.
ඔහු අපහස කලාම නොවේ ඔහු කියන්නෙ බුද්ධ ධර්මය ඉගෙනගන්න මේවා ජනතාව කොටුකර තියන්න හදන වැඩ... සමන්ත බද්‍ර තමයි දළදාවේ තියෙන්නේ ඌරු දතක් කියලා කිව්වේ. කෝ ඌට මොකද කලේ යකෝ ධර්මය ඉගෙන ගනිල්ලා ... ධාතු කරතියන් යන්නෙ තක්කඩි කමට
පසුගිය ජනාධිපතිවරණ සමයේ නාගදීපයෙන් ධාතූන් වහන්සේ ගෙන්වූ කැලණි විහාරාධිපති ගැන කවර කතාද !
ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් ගේ ප්‍රධාන අරමුණ හොඳ විදේශ රටක සරණාගත බාවය ලබා ගැනීමටයි. මේ තැනත්තා දිගටම කලේ ගේම ඉල්ලීමයි....... මොහුට අවශ්‍යව තිබූ පලවෙනි කඩඉම අත් අඬංගුවට පත්වීමයි.
දැන් ලංකාවේ දැවෙන ප්‍රශ්නය දළඳාවද
සේපාල හොඳ වැඩත් කළා. එහෙම ජනප්‍රිය වෙනකොට මේකා හිතුවා ඕනිම දෙයක් කියන්න, ඕනිම දේකට අපහාර කරන්න මිනිහට ලයිසන් දීලා තියෙන්නේ කියලා. එහෙම හිතලා හැමදේකටම, හැමෝටම නෙලන්න ගත්තා. ඔන්න ඕක තමා සේපාල උන්නැහැ කියන්නේ තමුන් කියන හැම දේම හරි කියලා අනික අය කරනහැම දේම වැරදි කියලා හිතාගෙන තමුන් කළේ JVP එක හැරෙන්න අනෙක් හැමෝම, හැම පක්ෂයක්ම, හැම කෙනාවම විවේචනය කිරීමයි. ඒකෙ කර්මෙ තමුන්ගේ පස්සේ ඇවිල්ලා. තමුන් හිතුව තනියම ලොක්කා වෙන්ඩ. මං හිතන්නේ තමුන් මේ පාර්ලිමේන්තුවෙ ඉන්න නාකි සෙට් එක වගේම යන්නේ කොහෙද මල්ලෙ පොල්. එලෝ විකාරෙන් මෙලෝ අතගානව. අඩුගානේ ආගමකට අගෞරව කරන්න හොඳ නැහැ කියලවත් දන්නේ නැති තමුන් කොහෙද හොඳ මාධ්‍යවේදියෙක් වෙන්නේ. අන්තිමට තමුන් මැට්ටෙක් කියලා ලෝකෙට පෙන්නුවා. දැන්වත් හැදෙන්න උත්සාහ කරනවා.
දළදාවෙන් ගසා කන උන්ට මොනවද දෙන දඩුවම් ?
" ලබ්බ " කියනේ " විශාල ප්‍රමාණයේ දෙයක් " කියලලු ශබ්ධ කෝෂයේ සඳහන් වෙන්නේ. අර "ලබ්බේ තොවිලේ " වගේ. අපේ බන්දුල ගුරුතුමාගෙන් අහල බැලුවනම් හොඳට විග්‍රහ කරලා දෙයි. මතකනේ වාසු කියපු දෙයක් "මඩිස්සලේ" වුන කතාව.