(විමුක්ති එස් රුද්‍රිගු)
තම බිරිඳ දික්කසාද නඩුවක් ගොනු කිරීම හේතුවෙන් මුළු පවුලම ඝාතනය කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇත.
42 හැවිරිදි මයිකල් හේට් නම් මෙම සැකකරු බිරිඳට, බිරිඳගේ මවට සහ ඔහුගේ දරුවන් පස් දෙනාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරව ඔහුද සියදිවි හානි කර ගෙන ඇතැයි යුටා පොලිසිය ප්‍රකාශ කර තිබේ.
දරුවන් පස් දෙනාගෙන් තුන් දෙනකු ගැහැණු ළමුන් බවත් දෙදෙනකු පිරිමි ළමුන් බවත් ඔවුන් වයස අවුරුදු 4 ත් 17 ත් අතර වයස් සිමාවේ පසුවූ අය බවත් යුටා පොලිසිය සඳහන් කර ඇත.
ඉකුත් 21 වැනිදා සැකකරුගේ බිරිඳ ඔහුට විරුද්ධව දික්කසාද නඩුවක් ගොනු කර ඇති අතර මෙම ඝාතන වලට හේතුව වී ඇත්තේද එය බව පෙනෙන්නට තිබෙන බව යුටා පොලිසිය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසය කිරීමට ලොව භයානකම රට ඇමරිකාවයි. නිතිපතා සමූහ ඝාතන සිදුවේ. ශ්‍රීලාංකිකයන් බොහෝ දෙනෙක්ට සෞඛ්‍යය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අවශ්‍ය රක්ෂනය ගෙවාගන්න බැරි නිසයි. ඔවුන් බෙහෙත් ගෙන්වා ගන්නේ ලංකාවෙන්. නිව්යෝර්ක්හී ස්ටැටන් අයිලන්ඩ් ලාංකිකයන් දිහා බැලුවම මෙය හොදින් අවබෝධ වෙනවා. එහි සිටි ජනප්‍රිය ලාංකික ගායක යුවලක් දරු දෙදෙනාත් සමග ලංකිවට නැවත පැමිණියේ මේ චාටර්වීම තවත් දරා ගත නොහැකි නිසයි. ඔවුන් මා සමග පැවසුවේ ලංකාව ඇමරිකාවට වඩා ඔවුන්ට හොද බවකි.
අවි ගත්තෝ අවියෙන්ම නසිති.
ඇමරිකාවේ මිනිස්සු මිලියන ගනනක් ඉතා හොදින් ජීවත්වෙති. තවත් මිලියන ගනනක් ඇමරිකාවට යන්නට පොරකති... ඇමරිකාවට තියා ඉන්දියාවට නොගිය පිටිගල වගේ බයියෝ නොදන්නා විකාර කියවති.
ලෝකෙ ඕනෑම රටක් අපරාධරාකයො ඉන්නවා... ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවෙත් මේ වගේ වැඩක් කලා... ලංකාවේ හා ඉන්දියාවෙත් මෙවැනි දේ වෙලා තියෙනවා.. ලංකාවේ බයිජන යා ලොකයේ හොදම රට වන ඇමරිකාවට උපදෙස් දෙන්න යන එක විහිලුවක්.
ලෝකයේ භයානකම රට ඇමෙරිකාවලු විමල් අදහන්නෙක්ද කොහේද?