(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් පහළ දැමූ බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080 ක් බවත් ලාෆ්ස් ගෑස් සමාගම අද (6) පැවසීය.

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 88 කින් අඩු කිරීමත් සමඟ එහි නව මිල රුපියල් 2,032 ක් බවත් නව මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.