IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යුක්රේනයේ දෙදින සටන් විරාමයක්

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය.

පසුගිය 2022 පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි.

සටන් විරාමයකට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කළේ රුසියාවේ ‘ඕතඩොක්ස්’ ආගමික නායක 76 හැවිරිදි ප්‍රැටියාෂ් ක්රිල් කළ ඉල්ලීමට ගරු කරමින් යැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය සතුට පළ කර තිබේ.

තුර්කි ජනාධිපතිවරයා රුසියන් ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දී ඉල්ලා ඇත්තේ සටන් විමාරය දින දෙකකට පමණක් සීමා නොකරන ලෙසය.

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීම බොරු හොඳහිත පෙන්වීමක් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා නගා තිබේ.

සැබෑ සටන් විරාමයක් ආරම්භ කිරීමට නම් රුසියානු සෙබළුන්, ඔවුන් විසින් බලෙන් අල්ලා ගනු ලැබ ඇති පළාත් සහ නගරවලින් පිටවී යා යුතු යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

යුක්රේනයේ දෙදින සටන් විරාමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1636 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site