
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ වරායෙන් නිදහස් කර නොගැනුණු කහ දොඩම් කිලෝ 72,000 ක් (බහලුම් තුනක්) රෝහල්වලට බෙදා හැරීම සඳහා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බාරදෙනු ලැබීය.
මෙසේ බාරදෙනු ලැබූ දොඩම් ගෙඩිවල වටිනාකම රුපියල් කෝටි 7කට වැඩි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
මෙම දොඩම් කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් 60කට පමණ බෙදාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ප‍්‍රදාන පිළිබඳ අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.
මෙම දොඩම් නොමිලේ රෝහලවලට දෙන හෙයින් මුදල් අමාත්‍යාංශය එම දොඩම් වලට අදාල රේගු බදු ඉවත් කර ඇත. මෙයට අමතරව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා ( CICT) පුද්ගලික පර්යන්තයද අංගන ගාස්තු අය කිරීමකින් තොරව එම දොඩම් තොගය නිදහස් කර ඇත.
නිදහස් කර නොගන්නා ආහාරද්‍රව්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් රෝගීන්ගේ පරිභෝජනය සඳහා මෙයට පෙර ද සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය.
මේ අවස්ථාවට ශ‍්‍රි ලංකා රේගුව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, වරාය හ, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීහුද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේවත් දොඩම් තමන්ගේ වගේ ආඩම්බරෙන් බෙදනවා
විලි ලජ්ජා ගෑවිලාවත් ඇමතිලා දෙදනක්. අනුන්ගේ වත්තෙන් හොරා කාල අම්මගේ දාන දෙන එකට සමානයි. තවත් කියනවා නම්, අනුන්ගේ දරුවන්ට උප්පැන්න හදනවා වගේ වැඩ. ලජ්ජා නැති වැඩේට උත්සවයත් තියල මාද්‍ය සංදර්ශනයත් තියල.
අනුන්ගේ කලිසම අගේට ඇදගෙන උගේ වගේ යනවා...
ඇපල් සුනිල්ගේ ඇපල් ඔහොම බෙදන්නෙ නැහැනේ.
දොඩම් ගෙඩිවල වටිනාකම රුපියල් කෝටි 7ක් වන්නට පුළුවන. මෙම දොඩම් ආහාරයට ගැනීමට සුදුසුද යන්න අදාල සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකළේද ? කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් වෙත ලබාදීමට තීරණය කර තෙන නිසා යම් පරීක්ෂාවක් කලේද ? නොමැතිනම් දේශපාලකයන් විසින් රෝහල් වෙත යැවීම සුදුසු බව තීරණය කලේද ?
Is that wonderful offer ?
ඔන්න බලන්න පිනට දොඩම් ලැබෙන්නෙත් කොළඹ ඉස්පිරිතාල වලට විතරයි. ඒ කොළඹ ඉස්පිරිතාලවල ඉන්නේ සුපරි පන්තියේ ලෙඩ්ඩු නිසාද? නැතිනම් දොඩම් බෙදන දේශපාකයන්ට මරණ බය නිසා ගමට යන්න විදයක් නැති නිසාද?
මේ ඉන්නෙ කෝටි ගනන් කොමිස් ගහපු පොරවල් දෙකක්.
An inferior offer by a minister.