(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පාරේ ගමන් කළ පාපැදිකරුවකු අනතුරකින් බේරීමට ලොරියක් තිරංග තද කළ අවස්ථාවේදී  පිටුපසින් ආ වෑන් රියක් ලොරියේ ගැටීමෙන් විසිවී ගිය ලොරිය පාර මැද පෙරලෙද්දී පාපැදිකරු ඊට යට වී මරනයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි .

පස්යාල  ගිරිඋල්ල මාර්ගයේ හිරිවල පහේ කනුව ප්‍රදේශයේදී අද (5) සවස සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ හිරිවල පදිංචි කරුවකු වූ සනත් ද ආබෘෘ නැමති 59 හැවිරිදි  අයෙකි.

ලොරියේ තිබූ මාළු පෙට්ටි හා කරුංකා ගෝනි පාර පුරා විසිරී තිබිණි. ලොරියේ ගමන් කළ දෙදෙනා හා වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.