(අමදෝරැඅමරජිව)
වසර ගණනාවක සිට වසා දමා තිබු කන්තලේ සීනි කම්හලේ ගබඩාව කඩා එහි තිබු පිත්තල කරාම තඹ කොටස් තොගයක් ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි තිදෙනකු සීනිපුර අංක 01 බාධකයේදි අත්අඩංගුවට ගත් බව අග්බෝපුර පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විපුල් හපුආරච්චි මහතාගේ මෙහෙයවිම යටතේ සැරයන්වරුන් වන (8847) තක්ෂිල, (50489)වික්‍රමසිංහ, (46610) ගුණවර්ධන (35074) දිසානායක , කොස්තාපල් (84757) දිනේෂ් යන නිලධාරිහු මෙම වැටලිම සිදුකළහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සීනි කම්හල අවට පදිංචිකරුවන් වන අතර සීනි කම්හලේ ආරක්ෂක අංශයේ සහය මෙයට ලැබි ඇත්දැයි සැකයක් මතු වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් උපකරණ සියල්ලම පාවිච්චි නොකල අලුත්ම පිත්තල කරාම, තඹ බට ආදි කොටස් බවත් ඒවායේ අනු අංක සහිත ටැග් ඇති ්‍බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් වීරවශ කර්මාන්ත ඇමති වෙලා හිටියම ඔහොම වෙනවා