(රේඛා තරංගනී ෆොන්සේකා)
පුනරුත්ථාපන කඳවුරක සිට නිදහස්ව දින දහයෙන් හඳුනා නොගත් මත් කර 38 සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි.
මෙම සැකකරු කලබලකාරී ස්වභාවයෙන් පොලිසිය දැක කලබලයෙන් හැසිරුණු අයුරු දැක ඒ සම්බන්ධයෙන් සැක සිතී සිදු සිදුකළ පරීක්ෂාවේ දී මෙම මත් කරල් අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
අදාළ සැකකරු ගෙන් සිදුකළ මූලික වූ විමර්ශනයේදී ඔහු පල්ලෙකැලේ පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වී නිවසට පැමිණ දින දහයක් ගත් වී ඇති බව අනාවරණය වූ බව සඳහන් කරන පොලිසිය පැරණි බෙහෙත් කාඩ්පපතක් ෆාමසියට පෙන්වමින් මෙම ඖෂධ ලබාගෙන ඇති බවට පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අය නම් පුනුරුත්තාපනය කරනවා කියන එක රටට වියදමක් විතරයි . ඔවුන් ඉන් මිදුණු ගමන් නැවත පුරුදු දේම කරනවා
මත්ද්‍රවය බාවිතය නිසා පුනරුත්ථාපන කඳවුරක සිට සමාජයට නිදහස් කිරීම වෙනත් ආකාරයට කල යුතු ක්‍රියාවකි. එය සදහන් කල නොහැකි උවත් එසේ කළහොත් මත්ද්‍රවය බාවිතා කරන්වූ පුද්ගලයා මෙම උවදුරෙන් ගලවා ගැනීමට හැකියවක් සහ ඔහුගේ පවුල්වල සියලුදෙනාත් වෙනසක් දැනෙනු ඇත.එය මානුෂිය ක්‍රියවක් සේ සලකා කිරීම වැදගත්වේ යලිත් ඔවුන් මත්ද්‍රවය බාවිතයට නොයනු ඇත.