(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාට අද (5) දැනුම් දුන්නේය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනා අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,නීතිපති සංජය රාජරත්නම්,අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරිල් පුල්ලේ,මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයෝ හතර දෙනෙක් ද සහභාගී වූහ.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත හතරක් දැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති අතර බහුතර ඒකමතික මතයකට පැමිණ තීරණයක් ගන්නා ලෙසයි.
මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී ජනාධිපතිවරයා කොමිසමට අවශ්‍ය නම් නීතිපතිගෙන් ලිඛිත උපදෙස් ලබා ගන්නා ලෙසද දැනුම් දී දුන්නේය .නීතිපති දෙපාර්තමේන්තුව අදාල නීති සහයෝගය ලබාදෙනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
එහිදී අදහස් දක්වමින් නීතිපතිවරයා පැවසූයේ මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබද යම් නීති ගැටලුවක් ඇතොත් සෘජුවම තමාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එක් මතයක් නොදැරීම නිසා අදාළ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එක මතයකට එන්න ජනපති මැතිවරණ කොමිසමට කියයි
Nimal Thursday, 05 January 2023 10:13 PM
දේශපාලන පක්ෂ ඉල්ලා සිටියත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රටේ "ඡන්දය ලබාදෙන පුරවැසියන්ගේ මතය" නම් රටේ ආර්ථික අර්බුද හමුවේ ප්‍රාදේශිය මැතිවරණයක් වෙනුවෙන් කිසිදු වියදමක් දැරීම රජය නොකළ යුතු බවකි.
sg Thursday, 05 January 2023 11:56 PM
හිතවත් ජනාධිපතිතුමනි, මැතිවරණ කොමිසමෙන් මොනවා කළත් ඔබ මේ ග්‍රාමීය මැතිවරණයට ඉඩ දී ඔවුන්ට එය ප්‍රායෝගිකව කිරීමට ඉඩ දිය යුතුයි. ඔබ අන් අයට බාධා නොකර ඔබේ කාර්යභාරය ඉටු කරන්න. පහළ සිට ඉහළට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම කාලෝචිත අවශ්‍යතාවයකි. ව්‍යුහාත්මක වෙනස්කම් ක්‍රමයෙන් සිදුවනු ඇත.
sisiraFriday, 06 January 2023 06:08 PM
දේශාපලකයන් නොමැතිව ප්‍රදේශය සබා කාර්යක්ෂමව සහ දේශපාලන මැදිහත්වීම නොමැතිව පවත්වාගෙන යාමට හැකියව සහ විශාල මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරිවේ. එම මුදල් ජනතවගේ සුබසදනයට යෙදවීම දේශපාලකයන් නඩත්තු කිරීමට වැඩ ප්‍රයෝජනවත්වේ.
Demuni Uduwara Friday, 06 January 2023 05:06 AM
කොමිසම දෙකඩ කිරීමට ජනපති අරගල කරන බව පෙනේ!
ase Friday, 06 January 2023 09:02 AM
හරිනේ කටුව ගැහුවා නේ ?
Hafeel Friday, 06 January 2023 02:05 PM
කුමන්ත්‍රණයෙන්, කොමිසන් සභාවතුල බැදීම ඇති කරලා බලයේ ඉන්න උත්සාහ කලොත්, අවසන් ප්‍රතිපල ඔහු සහ ඔහුගේ පක්ෂයට වෙන්නේ ඇති විනාශය තමයි. සිරිමාවෝ මැතිනියටත් මැතිවණය කල් දාල 1977 වෙච්ච ඉරණමත්, 1993 දකුණු පළාත් සභාව පිහිටුවද්දී එක්සත් ජාතික පක්ෂය කල කුමන්ත්‍රණයෙන් පසු, 1994 පරාජයත් සමග පටන්ගත්තු පරාජයෙන් අදටත් එම පක්ෂයට නැගිටින්නත් බැරිව ඉන්නේ. එ ජ ප 2001 සහ 2015 දීත් ලැබුනෙත් විධායක බලය නොමැතිව අංග විකල ආණ්ඩුවක්. ඒ නිසා කුමන්ත්‍රණයේ ප්‍රතිපල විනාශය තමා.
නිමේෂ් Friday, 06 January 2023 02:07 PM
මැතිවරණ කොමිසමට තව මොනවද හිතන්න තියෙන්නේ ඔවුන්ගේ රාජකාරිය කරනවා ඇරෙන්න ? අනික මේ වසරේ වියදම වශයෙන් රුපියල් බිලියන 7000 ක් වියදම් කරන්න සුදානම් කරලා තියනව කියන ආණ්ඩුවට , ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අන්යිතිය රකින්න මැතිවරණයක් තියන්න පොඩි බිලියන 10 වියදම් කරන්න සල්ලි නැහැ කියනව නම් වහාම අස්වෙලා ගෙදර යා යුතුයි මොකද ඒ කියන්නේ ඔවුන්ට ආණ්ඩුවක් කරන්න හැකියාවක් නැහැ නියන එක.
banda Friday, 06 January 2023 02:26 PM
ඡන්දෙ ප්‍රතිඵල දන්න නිසා මැතිවරණය කල් දැමීම වඩාත් සුදුසුය ජනාධිපතිතුමනි.
Jagath Friday, 06 January 2023 05:12 PM
මේ කපටි නරියා බලන්නේම කොහොම හරි මැතිවරණ පවත්වන එකට කටුව ගහලා මේක ප්‍රමාද කරවන්න.එදා ඉදලම මුන් කොහොමත් මැතිවරණ වලට බයයි...
Anta Friday, 06 January 2023 05:34 PM
කමෙන්ට්ස් වලින් තේරෙනවා බහුතරයේ බුද්ධිය. ජනාධිපති ඇඟිලි ගහන්නේ නැහැ කොමිසමට. මුන්ට MR ගේ ඒවා පෙනුනෙ නැහැනේ.