(රංජිත් රාජපක්ෂ)

පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසය කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ‍ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් පා.ම ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් සහ පළාත් පාලන ආයතන වලට තරග කරන අපෙක්ෂකයන් සමග  කොළඹදි පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම එකගතාවයට පැමිණි බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියේ.

කුකුලා ලාංජනයෙන් දිගු කාලයක් මැතිවරණවලට ඉදිරිපත් නොවු බවත්, පළාත් පාලන මැතිවරණයේදි කුකුලා ලංජනයෙන් තරඟ නොකල නිසා තම පක්ෂයේ වත්මන් තත්ත්වය තහවුරු කරගත හැකි බවත්, කුකුලා ලංජනයෙන් තරග කිරිම තුලින් පළාත් පාලන මැතිවරණයේදි තරග කරන අනෙකුත් ප්‍රධාන පක්ෂවලට ජන්ද ලැබිමේ ප්‍රතිශතයක් අඩුවන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටින්නේ.