
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කම්කරු සහ රැකිරක්ෂා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුවේ) බලතල දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් එම කමිටුවේ දැඩි අප්‍රසාදය පළවිය.
මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට සිය කනගාටුව පළ කිරීමට කමිටුව තීරණය කළේය.
මීට අමතරව මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමටත් ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 5 වැනිදා පෙරවරුවේ රැස්විය. නානායක්කාර අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ගැන අප්‍රසාදය පළවූයේ ඒ අවස්ථාවේදීය.
කම්කරු අමාත්‍යවරයා විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ කෝප් කමිටුවේ බලතල මෙසේ විවේචනයට ලක් කර ඇත්තේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස 22 වැනි දා පැවැති ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී යැයි කෝප් කමිටුව පවසයි.
මනුෂ නානායක්කාර මහතා කළ මෙම විවේචනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලිපියකින් දැනුම්දී ඇති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
මහජන නියෝජිතයන්ගේ මෙවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන අපේක්ෂාවන්ට දැඩි ලෙස හානිකර බව තමාගේ අදහස යැයි විගණකාධිපතිවරයා එම ලිපිය මගින් කරුණු පෙන්වාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ මැතිවරණයේදී මෙයා මොන පක්ෂයෙන් තරංග කලත් මෙයා නැත්තටම නැති වෙනවා.
මහජන මුදල් පිළිබඳව ආයතන සතු බැරෑරුම් වගකීම මෙයාට තේරෙනවද?
දැන් ඉස්සර වගේ නොවේ. කෝප් කමිටුවේ වෙන දේවල් මාධ්‍ය මගින් පුළුල් ලෙස ප්‍රචාරය වෙනවා. මිනිස්සු මේවා ඉතා උනන්දුවෙන් අධ්‍යනය කරනවා. මේ ගැන සමාන්‍ය ජන සමාජයේ කතා කරනවා. මෙම කරුණු සම්බන්ධව නඩු දැමීමක් සිදු නොවුණත් ලබන පාර සිය ඡන්ද පදනමට විශාල හානියක් සිදුවන බව දේශපාලකයන්ට තේරුම් ගිහින්. දූෂිත දේශපාලකයින්ට, සභාපතිවරුන්ට සහ නිලධාරීන්ට මේක ප්‍රශ්නයක්.