(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

පොල් ගසකින් වැටී කොන්දකැඩී, රිය අනතුරකින් දකුණු පාදය කපා ඉවත් කළ  සිඟමන් යදිමින් සිටි යාචකයකුට දත් තුනක් කැඩෙන්න පහරදී ඔහු ගමන් කරන රෝද පුටුවටද අලාභහානි කළ  ප්‍රධාන ව්‍යාපාරිකයකු ඇතුළු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මහවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවක් පවත්වාගෙන යන හිමිකරු, ඔහුගේ සොහොයුරා සහ හෝටල් සේවකයකු බව පොලිසිය කීය.

පහරකැමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ  කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.