(ඩයනා උදයංගනී)
මෙරට රෝහල් පද්ධතිය වෙත බිත්තර සැපයීම මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.
බිත්තර මිල විශාල වශයෙන් ඉහළයාම හේතුවෙන් තමන් ටෙන්ඩර් ලබාගත් මිලට බිත්තර ලබාදිය නොහැකිවීමෙන් සැපයුම්කරුවන් රෝහල් වෙත බිත්තර ලබාදීම නවතා දැමීමෙන් මෙම තත්වය මතුව ඇතැයි එම සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
රජයේ සෑම රෝහලකම මෙම තත්වය මතුව තිබෙන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
දැඩිසත්කාර ඒකක සහ පිළිස්සුම් ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්, දියවැඩියා රෝගීන්, විශේෂ ආහාර වට්ටෝරු ලබාදිය යුතු රෝගීන්, ප්‍රෝටීන් ඌනතා සහ මන්දපෝෂණ තත්වයන්ගෙන් පෙළෙන්නන් ආදී වශයෙන් බිත්තර අනිවාර්යයෙන්ම ලබාදිය යුතු රෝගීන්ට පවා මේ හේතුවෙන් බිත්තර ලබාදීමට නොහැකි වී ඇතැයි බෙල්ලන මහතා කීවේය.
කොළඹ ජාතික රෝහලට සතියකට බිත්තර 10,000ක්, රිජ්වේ ආර්යා ළමා රෝහලට සතියට බිත්තර 12,000ක් ආදී වශයෙන් රෝහල් පද්ධතියට විශාල වශයෙන් බිත්තර අවශ්‍ය වන බව හෙතෙම ප්‍රකාශ කළේය.
එබැවින් රජය වහාම බිත්තර ආනයනය කර හෝ රෝහල් වෙත බිත්තර ලබාදීමට කටයුතු කළ යුතු බව ද වෛද්‍යවරයා පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රෝහල්වලට බිත්තර අහේනියක්