(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුම්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනා යළි මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.
පේරදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපකුලපති භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලහාභානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ ආවේක්ෂණ කැමරා පද්ධති විමර්ශනය කොට එම සිද්ධියට සම්බන්ධ සිසුන් 12 දෙනකු හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව තහනම් කෙරුණ අතර පසුව එම සිසුන් 12 දෙනා පේරාදෙණිය පොලිසියට භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි .
ඉන් අනතුරුව එහි වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුවට පැවරුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd