(නිමල කොඩිතුවක්කු)
සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළි දැක්වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(4) කොළඹදී පැවසීය.
බොරු කයිවාරුව පැත්තකට දමා පුළුවන් නම් විපක්ෂයේ සිට සජිත් ප්‍රේමදාස සමඟ ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙස කයිවාරු ගසන වීවීඅයිපී සමාජවාදීන්ට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
තබුත්තේගම ජාතික පාසලට බස් රථයක් ලබා දුන් අවස්ථාවේ එම පාසලේ ආදි ශිෂ්‍යයකු වන පක්ෂ නායකයකුට රිදීම මෙම අපහාස සිදුකිරීමට හේතුවී ඇතැයිද 60 වන “සක්වල” වැඩසටහන යටතේ ලක්ෂ පනහක් වටිනා බස් රථයක් හෝමාගම මහ විද්‍යාලයට පරිත්‍යාග කරමින් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි මැතිවරණ වලදී ඔබ බලවේගයට, තුන් වන බලවේගය වීමට සටනක් දෙන්න වන හැඩයි.... ඒ සඳහා උපක්‍රමශීලී වන්න.
මෙයාට කොහොමටත් ජලභීතිකාවක් තියෙනවා... ජනාධිපති, අගමැති භීතිකාව මෙයා හැමදාම විපක්ෂ නායකයා....
ඔය බස් දෙන මහා පරිත්‍යාගශීලි වෙස්සන්තර ටයිප් එකේ දානපතියො කවුද කියල රටට හෙලි කරන්න. යක්කුන්ගෙන් උදව් අරගෙන ඔව කරල බිලිපුුද විදියට දුප්පත් අයගෙ රීරි මාංශය දෙන්න වෙයි. සීනි බදු සහන ලබාගත් දාන පතියො අමතකද?
බස් දෙනකං ඔය පාසල් වලට වැසිකිලි හදල දෙන්න.
අම්මෝ මම බයවෙච්ච පාර, චූත් ගියා.
සජිත් භීතිකාවක් කිසිවකුට නැත. ජනතවට ඇත්තේ දේශපාලන වෙනසක බලාපොරොත්තුවක් පමණි.එය විපක්ෂය බලයට ගෙන ඒම නම් නොවේ
විපක්ෂයේ ඉදන් වැඩ කරන්න පුලුවන් නම් ආන්ඩු බලයක් දෙන්න කියන්නේ මොකට ද? වැඩේ ට වඩා කයිවාරු නම් තියෙනවා.පැහැදිලි .රටේ මීලග පාලකයා ඔයාවත් ඔයාගේ ගෝලයෝ රොත්තවත් නෙවේ.ඔයත් මමත් වයෙන් වගේම රදල මානසිකත්වය උපරිම තියෙන මෙතෙක් කල් හිටපු අයගේ දිගුවක් පමනයි .
එහෙමයි, වෙන්න ඉන්න ජනාධිපති තුමනි .
සජිත්ගෙ අම්මගෙ වියදං තාම දරන්නෙ රටේ ජනතාව.. පුතා ඉන්දැද්දි.. මෙයා එනවා රට හදන්න..
ජලභීතිකාවට එහා ඉතිං.......... වැඩිකල් නොගිහින් ටෙනිසන් කුරේගෙ අඩුව පුරවයි වගේ......
මට හිතෙන විදියට නම් කාගෙකාගෙත් සුන්දර කතාව විතරයි
අපට නම් පේන්නෙ ජ වි පෙ භිතිකාව තමයි හැම පක්ෂයටම ඇතිවෙලා තියෙන්නෙ කියලා. ඒක හොදටම පේන්න තියෙනව. ස ජ බෙ වෙනම කතිකයො වෙන්කරල තියෙනව ,එහි මුල් තැන ඉන්නෙ කිරි හරක් සොයිසා. හැබැයි ජ වි පෙ ට විරුද්දව අවුරුදු 32 පෙර සිදුවුන , රැස් ගිය, පිලුන් වෙච්ච දෙයක් හැරුනු කොට විස්වාසනිය දෙයක් ඉදිරිපත් කරන්න ඔවුන්ට බෑ.
අහන්න දෙයක්ද ජලභීතිකාව වගේම සජිත් භීතිකාවත් දරුණුයි.. නම ඇහුවත් පිස්සු ඩබල් වෙනවා.
අනේ අපිටනම් ගැටලුවක් නෑ
වෙබ් වලින් නම් ජවිපෙ තමයි එක!
මේ වෙලාවේ දේශපාලකයන්ගෙන් නිකන් හම්බවෙන ඕන එකක් ජනතාව භාරගන්නවා.ඉතින් බයියන්ට ඕක රිදෙනවා තමයි
අනේ පලයන් බං යන්න... උඹ අවොත් උඹේ ගෑනිගෙයි අම්මගෙයි විකාර බල බල ජනතාවට වෙන්නෙ එදා වගේ කුණුහරපෙන් බැන බැන ඉන්න අපි දන්නවනේ උඹලගේ කෙරුම්