(කේ.පී. සුමනදාස)

තණමල්විල කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ ප්‍රාථමික පාසල්වල දරුදැරියන් සදහා ලබා දෙනු ලබන දිවා ආහාරය  නවතා දමා ඇතැයි මව්පියෝ පවසති.

නව වර්ෂය සදහා ආහාර ලබාදීමේ ගිවිසුම් ගත නොවීම හේතුවෙන් දිවා ආහාරය ලබා දීම නවතා දමන ලෙස  අධ්‍යාපන බලධාරීන් දැන්වීමත් 2022 වර්ෂයේ ඔක්තොම්බර්,නොවැම්බර්,දෙසැම්බර් මාස වල දිවා ආහාරය වෙනුවෙන් ඔවුන්ට ලැබිය යුතු මුදල් නොලැබීම යන හේතු මත  දරුදැරියන්ට දිවා ආහාරය ලබා නොදෙයි.

දිවා ආහාරය ලබා දෙන පුද්ගලයන් පවසන්නේ ඔවුන්ට රුපියල් 60 ක් වැනි මුදලට ආහාර වේලක් ලබා දීමට නොහැකි අතර මේ වන විට බිත්තරයක් රුපියල් 60-70 ත් අතර වැනි ඉහල මිලක් ගන්නා බවයි.මෙතෙක් ලබා දෙනු ලැබූ ආහාර වේල්වලට මුදල් නොගෙවීම හේතුවෙන් තමන් දැඩි පීඩනයකට පත්ව ඇති බවයි.