(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම නගරයෙ ඩෙංගු මර්දනයට  නගරයෙ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා දමා  නිවාස පිරිසිදු කර ගැනිමට කටයුතු කරන ලෙස පුත්තලම නගර සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පුත්තලම ජුම්මා දෙවස්ථානය දැනුම් දිමේන් 4 දින රුපියල් කෝටි ගනනක් පාඩුවක් සිදුවු බව ව්‍යාපාරිකයෝ පවසති.

පුත්තලම නගරයෙ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට නගරයෙ නිවාස ඇතුළු ස්ථාන පිරිසිදු කිරීමට තම ව්‍යාපාරික ස්ථාන වසා දමා එයට එක්වි නිවාස හා අනිකුත් පිරිසිදු කිරීම කළ යුතු බව 3 දින සවස පුත්තලම නගර සභාව හා පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය ජුම්වා මුස්ලිම් දේවස්ථානය ඇතුළු ආයතන කිපයක් එක්වි ව්‍යාපාරිකයන් දැනුවත් කර ඇති බව කියයි.

ඒ අනුව ඒ සදහා ස්වේච්ජාවෙන් ව්‍යාපාරිකයන් සුළු පිරිසක් එක්ව ඇති නමුත් බහුතරයක් අකමැත්තෙන් කල යුතු දෙයක් නොමැති තැන ඒ සදහා එක්වි ඇති බව කියයි.