(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගංජා ජාවාරමේ නිරතව සිටි බව කියන 24 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදී එම සැකකරු මුදා ගැනීමට උත්සාහ කළේ යැයි කියන 19හැවිරිදි තරුණියක සහ 27 කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව මුලස්ථාන මුලස්ථාන පොලිසිය පවසයි.

පහර කෑමෙන්තුවාල ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

කැබිතිගොල්ලෑව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් තුලාන ප්‍රදේශයේ දී පෙරේදා 3 වැනිදා වැටලීමක් සිදුකර ගංජා සමග 24 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම තරුණයා පොලිස් ජිප් රථයට ගොඩ කිරීමට කොස්තාපල්වරයා සූදානම් වූ අවස්ථාවේ සැකකාරියන් දෙදෙනා එම ස්ථානයට කඩා වැදී එම කොස්තාපල් ට පහර දී තුවාල සිදුකර සැකකරු මුදා ගෙන යෑමට උත්සාහ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.