(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ සංවර්ධනය වෙනුවෙන් එකතුවී වැඩ කිරීමට සියලු දෙනාට ආරාධනා කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
පාර්ලිමේන්තු කාරක සභා මේ වසරේදී උපරිම ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
ජාතික සභාව සක්‍රිය කිරීමටද සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූ අගමැතිවරයා සියලුම මන්ත්‍රීවරුන්ට නව වසර වෙනුවෙන් සුභ පැතුම් පිරිනමන බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අද පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම තමන්ගේ සාක්කු දියුණු කරගන්න නම් ඔය කවුරු කවුරුත් එකතුවෙයි...
ඇයි අර අයිය මලෝ සහ පුත්‍රයෝ සමාගමෙන් උඩ පැන පැන කිව්වෙ රෑට සන්වර්ධනෙ කර කිය කිය? දැන් තව මොනවද දියුනු කරන්න තියෙන්නෙ? මයිනගෙ ගේ හදන්න මිලියන 800ක් දුන්නනෙ. .ඉතුරු උන්ගෙ හොර ගුහාවල් ගිනි තිබ්බ එකෙනුත් හොරු ටිකත් ගොඩ ගියානෙ.. තවත් කන්න දෙයක් තියෙනවද ඔහෙලට?
පුහු වදන් නොකිව්වොත් නරකද ?හොරා කන එවුන් ඉන්නකම් මොන රට ගොඩ ගැනීමක්ද ?ඉස්ස ඉස්සෙල්ලාම හොරු ,කප්පම් කාරයෝ ,කසිප්පු කාරයෝ ,කොමිස් කාරයෝ ,ස්ත්‍රී දූෂකයෝ ආදී එකී ,මෙකී නොකී එවුන් ටික එලවපු දා පටන් ඉබේම රට ගොඩ යාවි
මේ යකාට පිස්සු .මයිනලාත් එක්ක එකතුවෙලා රටම විනාශ කරලා දැන් එකතුවෙලා රට දියුණු කරමුලු.එලෝ විකාරෙන් මෙලෝ අතගාන ,යන්නේ කොහෙද මල්ලේ පොල් පොරක්
මෙයා අගමැති කියලා මෙයාවත් දන්නේ නැහැ.