(මුදිතා දයානන්ද)

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුහුණු මධ්‍යස්ථාන සඳහා ලක්ෂ හතලිහකට අධික මුදලක් වැය කරමින් මිලදී ගත් යතුරුපැදි 22ක් වසර 12 තිස්සේ කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන තවමත් රථගාල්වල තිබෙන බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

පුහුණු නිලධාරින්ගේ රාජකාරි කටයුතු සඳහා  2012 වසරේදි මේ යතුරුපැදි මිලදී ගෙන තිබේ . එහෙත් මේ දක්වා ඒවා අදාල නිලධාරීන් වෙත ලබදි නැති බවත් ඒ නිසා ඒ සඳහා කළ වියදමද ප්‍රයෝජනයක් වි නැති බවද එම වාර්තාවේ දැක්වේ.

මේ බව සඳහන් වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ 2021 වසරේ දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.