
වියට්නාමයේ, පාලමක් ඉදි කරමින් තිබුණු ඉදිකිරීමේ වැඩ බිමක, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක් තුළ සිරවුණු 10 හැවිරිදි දරුවා බේරා ගැනීමට සහන සේවකයෝ අපොහොසත් වූහ.
සහන සේවකයන් නිවේදනය කළේ සිවු දිනක් තිස්සේ ඩොංග් තාප් පළාතේ, මීකොංග් ඩෙල්ටාවට නුදුරින් වැඩබිමේ කොන්ක්‍රීට් කුහරයේ සිරවී සිටි තායි ලී හාඕ නාම් නැමැති දරුවා මියගොස් ඇති බවය.
ඩොංග් තාප් පළාතේ ආණ්ඩුකාරවරයා ද නිවේදනයක් නිකුත් කරමින් දරුවා මියගිය බව දන්වා තිබේ. පසුගිය දින කීපය පුරාවට දරුවා බේරා ගැනීමට දැඩි උත්සහයක යෙදුණු බවත්, දිවා රෑ නොබලා සහන සේවකයන් දරුවා බේරා ගැනීමට කළ හැකි සියලු දේ කළ බවත් ඩොංග් තාප් පළාතේ ආණ්ඩුකාර ඩොආන් තාන් බූ මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
තායි ලී හාඕ නාම් වැටුණේ සෙන්ටි මීටර් 25 ක් පළල කුහරයකටය. දරුවා පාලම බදි කිරීමේ වැඩ බිමට පැමිණ ඇත්තේ පරණ යකඩ සොයමින් යැයි පසුව අනාවරණය විය.
තායි ලී හාඕ නාම් දිළිඳු පවුලක දරුවකු බව වියට්නාම් පුවත් සේවා වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොන්ක්‍රීට් වල කුලියට ගණන් බැරිද?අර දියවන්නාවේ ඉන්න හරක් සෙට් එකක් ඒ පැත්තට දක්කලා යවන්න ?පින් තියන හැටියට ආපහු එන්නේ නැතැයි