(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

පවතින දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන්  නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 581ක පුද්ගලයන් 2331කු පීඩාවට ලක්ව ඇති බවත් එමෙන්ම පුද්ගලයන් හය දෙනෙකු අතුරුදන් වී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මිය පැවසුවාය.

මේ හේතුවෙන් පීඩාවට පත් පවුල් 433කට අයත් පුද්ගලයන් 1725කු දැනට සුරක්ෂා මධ්‍යස්ථාන තුල රදවා ඇති බවත් ගිනිගත්හේන මොරහේනගම ප්‍රදේශයේදී පස් කන්දකට හසුවීමෙන් පුද්ගලයන් හතර දෙනෙකු හා අඹගමුව ප්‍රදේශයේ ගංවතුරට හසුවීමෙන් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වී ඇතැයි ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මිය වැඩිදුරටත් කීවාය.