(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තුමේන්තුව සතු මෙට්‍රික්ටොන් 7000 ක යකඩ තොගය කිලෝ එකක් රුපියල් 43 කට විකිණීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගානක පාඩුවක් කිරීමට විරෝධය පලකරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.
මෙරට ප්‍රධාන පෙළේ යකඩ සමාගමකට දුම්රිය දෙපාර්තුමේන්තුව මෙම ටෙන්ඩරය පිරිනැමීමට ගිවිසුම්ගතව තිබෙන බව දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තිය සමිතියේ කැදවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
මෙම යකඩ ගනුදෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් සිදු වෙන්නේ යැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගත් බව දොඩන්ගොඩ මහතා සඳහන් කළේය.
මෙම අබලි යකඩ මෙට්‍රික්ටොන් 7000 කිලෝවක් රුපියල් 62 බැගින් මිලදී ගැනීමට වෙනත් යකඩ සමාගමක් ඉදිරිපත් වි තිබු බවත් අදාල සමාගමට එම ටෙන්ඩරය නොදී ප්‍රධාන පෙළේ වෙනත් සමාගමකටම මෙම ටෙන්ඩරය ලබාදීමට පියවර ගෙන ඇත්තේ බේරුම්කාර මන්ඩලයේ තින්දුවකට අනුව බවත් දොඩම්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම යකඩ තොගය මීට පෙර කිලෝවක් රුපියල් 43 බැගින් විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී හිටපු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එම ටෙන්ඩරය අවලංගු කිරීමට ද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දියුණු කරන්න, රට බේරගන්න කියලා ආපු කෙනා මේවට මොකද කියන්නේ.?