(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස මාලතී පරසුරාමන් මහත්මිය පත් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම පත් කිරීම සිදු කර තිබෙි.
මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අතිරේක ලේකම්වරිය ලෙස මෙතෙක් කටයුතු කළාය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ ගණනාවක් මාලතී පරසුරාමන් මහත්මිය විසින් සිදු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .
ගන්නෝරුව A9 මෑ ප්‍රභේදය, HOB – 2 නමැති ප්‍රථම බෝංචි ජානමය පර්යේෂණය හඳුන්වා දීම, HORDI TOMATO HY3 තක්කාලි ප්‍රභේදය හඳුන්වා දීම, දෙමුහුන් නව මාලු මිරිස් ප්‍රභේදයක් වන “ප්‍රාර්ථනා” හඳුන්වා දීම යනාදී වශයෙන් පර්යේෂණ රැසක් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂිකාවක් වශයෙන් සිදු කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අලුත් අධ්‍යක්ෂවරියක්
ravin Wednesday, 04 January 2023 02:55 PM
ඕන් ඔහොම එමුකො. ක්ශේත්‍රයේ දක්ශයින්ට උසස් තනතුරු ලබාඩිම තමා වියයුත්තෙ.
බඩු ජගත් Wednesday, 04 January 2023 03:40 PM
තොරතුරු සන්නිවේදන ඒජන්සියටත්, තාක්ෂණ අමාත්‍යාංශයටත් හොඳ දක්ෂ සභාපති කෙනෙක් හා ලේකම් කෙනෙක් පත්කරන්න...
fairoos Wednesday, 04 January 2023 07:43 PM
ඒක හොඳයි. හැබැයි ඇමතිගේ වැඩවලට අත තියන්නල් ආවොත් ඉල්ලා අස්වෙන්ඩ වෙයි.
BamunuarachchiSunday, 08 January 2023 01:49 PM
මේ නෝනා කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් මිස හරක්මස් කඩ සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නොවෙයි...
ganegoda Wednesday, 04 January 2023 09:58 PM
මෙයාට කියලා කොහොමද කුඹුරු මඩවාගන්නේ /බලන්න ,තාම නහය විදලාවත් නැහැනේ