
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස මාලතී පරසුරාමන් මහත්මිය පත් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම පත් කිරීම සිදු කර තිබෙි.
මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අතිරේක ලේකම්වරිය ලෙස මෙතෙක් කටයුතු කළාය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ ගණනාවක් මාලතී පරසුරාමන් මහත්මිය විසින් සිදු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .
ගන්නෝරුව A9 මෑ ප්‍රභේදය, HOB – 2 නමැති ප්‍රථම බෝංචි ජානමය පර්යේෂණය හඳුන්වා දීම, HORDI TOMATO HY3 තක්කාලි ප්‍රභේදය හඳුන්වා දීම, දෙමුහුන් නව මාලු මිරිස් ප්‍රභේදයක් වන “ප්‍රාර්ථනා” හඳුන්වා දීම යනාදී වශයෙන් පර්යේෂණ රැසක් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂිකාවක් වශයෙන් සිදු කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන් ඔහොම එමුකො. ක්ශේත්‍රයේ දක්ශයින්ට උසස් තනතුරු ලබාඩිම තමා වියයුත්තෙ.
තොරතුරු සන්නිවේදන ඒජන්සියටත්, තාක්ෂණ අමාත්‍යාංශයටත් හොඳ දක්ෂ සභාපති කෙනෙක් හා ලේකම් කෙනෙක් පත්කරන්න...
ඒක හොඳයි. හැබැයි ඇමතිගේ වැඩවලට අත තියන්නල් ආවොත් ඉල්ලා අස්වෙන්ඩ වෙයි.
මෙයාට කියලා කොහොමද කුඹුරු මඩවාගන්නේ /බලන්න ,තාම නහය විදලාවත් නැහැනේ