(අංජුල මහික වීරරත්න)
මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (4)නිල වශයෙන් දැනුම් දුන්නේය.
තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව වසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැතැයි ද එජාප නායකයන් හමුවේ අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණ දැනුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹ දී ඊයේ සවස හමු වූ අවස්ථාවේදී ය.
එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකයන්ට දැනුම් දුන්නේය.
ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා පත් වන සභිකයන් හාරදහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බව කී ජනාධිපතිවරයා ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේදැයි දැනුම් දිය යුතුව ඇතැයිද කියා සිටියේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයට සහාය දුන්නොත් පොහොට්ටුවේ හොරුන්ගේ සහාය නැතිවෙයි කියලා බයද? රට ගොඩගන්න හම්බ වුණු වරම බම්බුව තමයි..
සහාය දුන්නත් මේ පාර නම් වැඩක් වෙන්නේ නැහැ ගොයියෝ.අනිත් මැතිවරණවලටත් ඉතින් සොරි තමයි කියන්න වෙන්නේ..
මෙයාට ජනවරමක් තියනවයි සහාය දෙන්නත්. මෙයාටත් ජනවරමක් නැහැ. මෙයා නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයටත් ජනවරමක් නැති මොහොතේ, මොන සහායද?
මෙයාට රට ගොඩ ගන්න තියා පාර්ලිමේනතුවට වත් වරම් නැහැ. මෙතන බොරුවට බයිලා කියනවා.
ඔයාට සහය දුන්නේ පොහොට්ටුවේ හොරු මිසක් මිනිස්සු නෙවයි. චන්දෙ තියල පෙන්නන්න ඔයාටම බලාගත හැකියි. ඔයාට ජනමතයක් නෑ අකුලාගෙන යන්න.
මේක ඡන්දයකට වෙලාවක් නෙවෙයි...
හොඳ තීරණයක්... ජනාධිපතිතුමනි, ඔබට ජය...!
ඔයාගේ කට ඇරියොත්, එන්න තියෙන ඡන්ද ටිකත් බංකොළොත් පක්ෂයට ලැබෙන්නේ නැහැ. කට වහන්නේ නැතිව හිටියොත් හොඳයි නේද?
ලඟදී නීති පීඨයට ගිහින් ඇන ගත්තට පස්සෙ ද ජනතාව හමුවට යන්න බයවුනේ
තමන්ට වරමක් දී ඇත්තේ පොහොට්ටුවන් මිසක් ජනතාව නොවෙයි. නිකං බොරු බයිල කිය කිය කලිසමේ පහර ගන්න එපා සෑර්. රටම ගඳගහයි.
මෙයාට රටේ මිනිස්සුන්ගේ සහයවත් නැතිකොට ස්ටේජ් වලට නැගලා මොන බම්බුවක් කතා කරන්නද?
උඹ කවුද .හිතන් ඉන්නේ උඹ ජනපති කියලා .උඹ ජනපති නෙමෙයි . උඹව මිනිස්සු පිළිගන්නේ නෑ .
ඔබට මේ වරම ලබාදුන්නේ කවුද? සෑම මැතිවරණයකදීම ඔබ පරාජය වෙලා
වරමක් දීලා කියන්නේ? කවුද වරමක් දුන්නේ.?
ඡන්දේ නොතියන්න උප්පරවැට්ටියක් ගැන විස්වාසය තියන් වගේ.
ඔබේ ව්යාපාරය ගැන සැලකිලිමත් වන්න! අපිට තර්ජනය කරන්න එපා. ඔබ ජනතාව ඡන්දය දුන් ජනාධිපතිවරයෙක් නොවේ.
මේ හොරු 134 නායකය ජනතාවගෙ නායකය නෙමෙයි. එයයි ඇත්ත
ලොකු උදව්වක්.
මුදල් ඇමති උනාට පස්සේ එක සුමානෙට ට්‍රිලියන ගණන් සල්ලි අච්චු ගහපු රනිල් , දැන් ඡන්දයක් තියන්න බිලියන් 10 නැහැ කියන බොරුව අපි පිළිගන්න ඕනෙද ?
ස්ටේජ් එකට නැග්ගොත් ලබන ඡන්ද ටිකත් නැති වෙනවා.
පුංචි ඡන්දෙට සහයදෙන්න එපා පමණක් නොවෙයි පුංචි ඡන්දෙ පවත්වන්නත් එපා. මේ ඡන්දෙ පවත්වන වෙලාවක් නොවෙයි. ඊළගට පත්වෙන එවුන් කරන්නේ රටේ මහා මැතිවරණය පවත් වෙනතුරු රටේ කෙරෙන පාලනයට බදා කිරීමයි විශේෂයෙන් ජෙප්පෝ ඒ ටික කරනවා. ඒ නිසා කාටවත් වැඩක් නැති පුංචි ඡන්දෙ පවත්වන්න එපා.
කව්ද මෙයාට වරමක් දුන්නේ? පොහොටුවේ 134 දෙනාගේ වරමද?
හරියට ජනවරමක්වත් නැතිව පොහොට්ටුවේ තල්ලුවෙන් ජනාධිපති පුටුවට පැනගත් රනිල් ගෙන් මේඡන්දෙට කිසි සහයෝගයක් අවශ්‍ය නැත. ලොකුම උදව්ව කරදරකිරීම්වලින් තොරව ඡන්දය පැවැත්වීමට අවස්ථාව ලබාදීමයි.
ජනතිපති තුමා ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පෙහෙදිලිව අදහස් වන්නේ ඔහුට මැම චන්දයෙන් චන්ද දහදාහක් වත් මෙම චන්දයේ ඔහුට හිමි වෙන්නේ ැත. එවැනි තත්වයකට වෙටී් අවදානය ඉතාමත් වෙඩි නිසා ඔහුගේ පක්ෂය ආරක්ෂා කරගැනීමයි ඔහුගේ සැලස්මයි .
ඔය සහාය දුන්නත් නැතත් UNP එක පරාදයි. පොහොට්ටුව එක්ක එකතුවෙලා ඉල්ලුවත් පරඩයි. මෙ යතාර්තය UNP,පොහොට්ටු නයකයන්ට නිලධාරීන්ට තෙරෙන්නෙ නෑ.
මොන "ජන වරම"ද මේයාට ලැබිලා තියෙන්නේ
මේකත් දැන් ජෙප්පො ආක්‍රමනය කරල වගේ.