කොට ලොරිය පළා යද්දී වෙඩි තබා නවතා ගනී
යක්කල රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් අත් අඩංගුවට ගනු ලැබූ බලපත් රහිත කොට ලොරියක් යක්කල පොලීසිය වෙත රැගෙන විත් නතරකර තිබියදී , රියදුරා ලොරිය පණ ගන්වා කිරිඳිවැල මාර්ගය ඔස්සේ නොනවත්වා ධාවනය කරද්දී අහසට වෙඩි තබා ලොරිය නවතා රියදුරු අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය පවසයි.