IMG-LOGO

මිහින්තලේ පොහොර සිද්ධියට තුනක් සැකපිට

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලේම රදන්කල්ල ප්‍රදේශයේ ගොවියන්ට බේදා දිමට ලබාදුන් යුරියා පොහොර මිටි 21 වෙනත් අයකුට වැඩි මිලට අලෙවි කිරිමට කටයුතු කළේ යැයි කියන ගොවි සංවිධානයේ සභාපති,භාණ්ඩාගාරික හා ඊට සම්බන්ධ බව කියන පුද්ගලයකු  අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ එක්සත් ගොවි සංවිධානයේ සභාපති, භාණ්ඩාගාරික හා අයථා ලෙස පොහොර ගැනිම සදහා භාණ්ඩාගාරිකවරයාට මුදල් ලබාදුන් පුද්ගලයා ඇතුළු තිදෙනෙකි.

මරදන්කල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගොවියකු සිදුකළ පැමිණිල්ලක් මත ගොවි සංවිධානයේ සභාපතිවරයා ඇතුළු මෙම පුද්ගලයන් තිදෙනා පොලිසියට කැදවා සිදුකළ විමර්ශණයකින් පසුව මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

තමන්ට ලැබිය යුතු පොහොර වෙනත් පුද්ගයකු විසින් ව්‍යාජ ලෙස අත්සන් කොට ලබාගෙන ඇති බවට මෙම පුද්ගලයා විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සදහන්ය.

 



අදහස් (3)

මිහින්තලේ පොහොර සිද්ධියට තුනක් සැකපිට

Kule Wednesday, 04 January 2023 11:10 AM

කො අර, ගොවිසංධානත් එක්ක ගොවියන් වෙනුවෙන් මොරදිපු දේශශපාලකයා

:       0       3

Gamiya Wednesday, 04 January 2023 01:22 PM

මිහින්තලේ නායක හාමුදුරුවන්ට අහුවුණොත් ඔවුන් කොම්පෝස්ට් කරයි. හොරා කනවා කීවොත් මේ අයට හිඟන්නෙක් වුණත් කමක් නෑ...

:       0       2

Hafeel Wednesday, 04 January 2023 02:14 PM

දැන් නම් රට දුෂණ, වංචා, හොරකම්වලින් ස්වයංපෝෂණය වෙලා. මේ සිද්ධිය වෙලා තියන්නේ අහිංසක දුප්පත් මාවිල් ආරු ගොවීන්ගේ වන්දි මුදල් හොරා කාපු කෙනා නියෝජන කරන දිස්ත්‍රික්කයේ. ඉතින් ලොක්කෝ එහෙම නම්, ගෝලයෝ ගැන අහන්නද ඕනේ...?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site