(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේම රදන්කල්ල ප්‍රදේශයේ ගොවියන්ට බේදා දිමට ලබාදුන් යුරියා පොහොර මිටි 21 වෙනත් අයකුට වැඩි මිලට අලෙවි කිරිමට කටයුතු කළේ යැයි කියන ගොවි සංවිධානයේ සභාපති,භාණ්ඩාගාරික හා ඊට සම්බන්ධ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ එක්සත් ගොවි සංවිධානයේ සභාපති, භාණ්ඩාගාරික හා අයථා ලෙස පොහොර ගැනිම සදහා භාණ්ඩාගාරිකවරයාට මුදල් ලබාදුන් පුද්ගලයා ඇතුළු තිදෙනෙකි.
මරදන්කල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගොවියකු සිදුකළ පැමිණිල්ලක් මත ගොවි සංවිධානයේ සභාපතිවරයා ඇතුළු මෙම පුද්ගලයන් තිදෙනා පොලිසියට කැදවා සිදුකළ විමර්ශණයකින් පසුව මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
තමන්ට ලැබිය යුතු පොහොර වෙනත් පුද්ගයකු විසින් ව්‍යාජ ලෙස අත්සන් කොට ලබාගෙන ඇති බවට මෙම පුද්ගලයා විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කො අර, ගොවිසංධානත් එක්ක ගොවියන් වෙනුවෙන් මොරදිපු දේශශපාලකයා
මිහින්තලේ නායක හාමුදුරුවන්ට අහුවුණොත් ඔවුන් කොම්පෝස්ට් කරයි. හොරා කනවා කීවොත් මේ අයට හිඟන්නෙක් වුණත් කමක් නෑ...
දැන් නම් රට දුෂණ, වංචා, හොරකම්වලින් ස්වයංපෝෂණය වෙලා. මේ සිද්ධිය වෙලා තියන්නේ අහිංසක දුප්පත් මාවිල් ආරු ගොවීන්ගේ වන්දි මුදල් හොරා කාපු කෙනා නියෝජන කරන දිස්ත්‍රික්කයේ. ඉතින් ලොක්කෝ එහෙම නම්, ගෝලයෝ ගැන අහන්නද ඕනේ...?