(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මන්නාරම සිලාවතුර මුල්ලිකුලම් නාවික හමුදා කඳවුරු භූමියේ දී වන අලි ප්‍රහාරයකට ලක් වීමෙන් රාජකාරියේ නිරතව සිටි නාවික හමුදා සෙබලෙක් මිය ගොස් ඇතැයි සිලාවතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොල්පිතිගම මාඑළිය ප්‍රදේශය පදිංචි ආර් එම් එස් බී රත්නායක නැමැති අවුරුදු හතළිස් එකක් එකක් වයසැති නාවික සෙබළෙකි.