( තිලකරත්න දිසානායක)
යක්කල රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් අත් අඩංගුවට ගනු ලැබූ බලපත් රහිත කොට ලොරියක් යක්කල පොලීසිය වෙත රැගෙන විත් නතරකර තිබියදී , රියදුරා ලොරිය පණ ගන්වා කිරිඳිවැල මාර්ගය ඔස්සේ නොනවත්වා ධාවනය කරද්දී අහසට වෙඩි තබා ලොරිය නවතා රියදුරු අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය පවසයි.
යක්කල පොලීසියට අනුයුක්ත රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනා විසින් කොළඹ - මහනුවර මාර්ගයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී සැකකටයුතු කොට ලොරියක් අද (3) පෙරවරුවේ, පරීක්ෂාවට ලක් කිරීමේදී ප්‍රවාහන කිරීමේ බලපත්‍රයක් නොමැතිව දැව කදන් තොගයක් රැගෙන යාම මත ලොරිය යක්කල පොලීසිය වෙත රැගෙන විත් ඇත.
ලොරිය පොලීසිය ඉදිරිපිට නවත්වා තබන ලෙස රියදුරුට දැනුම්දී රථවාහන නිලධාරීන් පොලිස්ථානය තුළට ගිය අවස්ථාවේ රියදුරු දැව ලොරිය පණගන්වා යක්කල - කිරිඳිවැල මාර්ගය ඔස්සේ ධාවනය කොට ඇති අතර වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ලොරිය පසුපස හඹා ගොස් නතර කරන ලෙස අණ කළද නොනවත්වාම ධාවනය කිරීම හේතුවෙන් අහසට වෙඩි දෙකක් තැබීමෙන් පසුව පිළිකුත්තුව ප්‍රදේශයේදී ලොරිය නතරකර ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොට ලොරිය පළා යද්දී වෙඩි තබා නවතා ගනී
Hatta Wednesday, 04 January 2023 09:58 AM
දැරණියගල ගස් කපා ලොරිමත පටවා දයිනිකව සිදුවන වන සංහාරය සහ ජාවාරම වහා නවත්වනු!
fairoosWednesday, 04 January 2023 01:20 PM
දේශපාලකයන්ගේ ලොරිවලට කිසිම බාධාවක් නැහැ.