(නිමන්ති රණසිංහ)
මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) සිතාසි නිකුත් කළේය.
මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් ඉකුත් නොවැම්බර් මස 24 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ පැමිණීල්ලකට අදාළව එම දොර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා පැමිණීලිකාර කරදගමරාලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලිම අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කර තිබූ මෙම අපෙක්ෂිත ඇප ඉල්ලීම, කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය වෙනුවෙන් නිතීඥ සුදත් වික්‍රමරත්න මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබිණී.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ආශු පෙම්වතියගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක්
Perera Tuesday, 03 January 2023 08:21 PM
ඔය දෙන්නම මගෝඩිස්ලා.
Nathalie92 Tuesday, 03 January 2023 10:44 PM
මොන ප්‍රශ්නයක් තිබුනත් ආත්ම ගරුත්වයක් තියෙන ගෑනියෙක් ඕව කර්න්නෙ නෑ. විලි ලැජ්ජාවක් ගෑවිච්ච නැති ගෑනියෙක් .
Sunil Wednesday, 04 January 2023 05:53 AM
ආදර්ශ,හිරුනිකා ,තිලිනි ,ඩයනා රට විනාශමුඛයට ගෙනියමින් සිටී
ranjith Wednesday, 04 January 2023 09:16 AM
මේ දෙන්නම විකෘර්ති මානසිකත්වයක් ඇති අය ඇති අය .සමාජයක මෙවැනි අය කලාතුරකින් ඉන්න පුළුවන් .එසේ උවත් මෙවැනි සමාජය පිළිකුල් කරන පුවත් දකින එකත් අප්‍රසන්නයි
siri Wednesday, 04 January 2023 09:18 AM
රට පාලනය කරන උත්තරීතර තැන් වලට මේ වගේ පිස්සෝ පත් නොකරන එක එම පක්ෂ වල වගකීමක් .නැත්නම් එම පක්ෂ වලටත් හානියක්
sharm warn Wednesday, 04 January 2023 09:45 AM
මාර ආදර්ශයක් නේ මේ මූන දෙන්නේ අපිට .කාන්තා සංහතියටම පට්ට නම්බුයි ඉතින්