(නිමන්ති රණසිංහ)
මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) සිතාසි නිකුත් කළේය.
මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් ඉකුත් නොවැම්බර් මස 24 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ පැමිණීල්ලකට අදාළව එම දොර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා පැමිණීලිකාර කරදගමරාලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලිම අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කර තිබූ මෙම අපෙක්ෂිත ඇප ඉල්ලීම, කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය වෙනුවෙන් නිතීඥ සුදත් වික්‍රමරත්න මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙන්නම මගෝඩිස්ලා.
මොන ප්‍රශ්නයක් තිබුනත් ආත්ම ගරුත්වයක් තියෙන ගෑනියෙක් ඕව කර්න්නෙ නෑ. විලි ලැජ්ජාවක් ගෑවිච්ච නැති ගෑනියෙක් .
ආදර්ශ,හිරුනිකා ,තිලිනි ,ඩයනා රට විනාශමුඛයට ගෙනියමින් සිටී
මේ දෙන්නම විකෘර්ති මානසිකත්වයක් ඇති අය ඇති අය .සමාජයක මෙවැනි අය කලාතුරකින් ඉන්න පුළුවන් .එසේ උවත් මෙවැනි සමාජය පිළිකුල් කරන පුවත් දකින එකත් අප්‍රසන්නයි
රට පාලනය කරන උත්තරීතර තැන් වලට මේ වගේ පිස්සෝ පත් නොකරන එක එම පක්ෂ වල වගකීමක් .නැත්නම් එම පක්ෂ වලටත් හානියක්
මාර ආදර්ශයක් නේ මේ මූන දෙන්නේ අපිට .කාන්තා සංහතියටම පට්ට නම්බුයි ඉතින්