(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී  සිදු කෙරිණි.

පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සහ රටේ ජනවාර්ගික ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ පැවැත්වෙන සාකච්ඡා ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය ප්‍රමුඛ නියෝජිත පිරිස හමුවේ කරුණු දැක් වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.