
(අංජුල මහික වීරරත්න)
තේ හා එලවළු සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දී තිබෙි.
මෙම විශේෂ තේ හා එළවළු පොහොර කිලෝ ග්‍රෑම් 50 මිටියක් වෙළෙඳ පොලේ මිලට වඩා රුපියල් 3000ක් අඩුවෙන් ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
තේ හා එළවළු සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම කොමර්ෂල් පොහොර සමාගමටත්, අර්තාපල් සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම ලංකා පොහොර සමාගමටත් බාර දීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගත් අතර ඒ අනුව කොමර්ෂල් පොහොර සමාගම විසින් සතියක් වැනි කෙටි කාලයක් ඇතුලත පර්යේෂණ කර එම කාර්ය මණ්ඩලය මෙම විශේෂිත මිශ්‍ර පොහොර නිෂ්පාදනය කළ බව එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd