(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිය මාමණ්ඩිට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් පොලිස් යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් කබායක් හැද පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට උත්සාහ දැරූ පැදිකරු සහ පසු පැදි කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
සැකකරුවන් ගමන් ගත් යතුරු පැදියට ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය හෝ කිසිදු ලිපි ලේඛනයක් නොමැති යතුරු පැදියද ඌව පලාතට අයත් අන්සතු යතුරුපැදියක් බවත්, පැදිකරුට අවම වශයෙන් රියදුරු බලපත්‍රයද නොමැති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත .
කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ විශේෂ රථ වාහන මෙහෙයුම ට අදාළව ඉංගිරිය පොලීසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් 35344 අමරසිංහ නිලධාරියා ඇතුළු කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටියදී සිදුකළ ක්ෂණික පරීක්ෂාවකදී ඒ බව අනාවරණය වී යැයි පොලීසිය කියයි.
හොරණ දෙස සිට ඉංගිරිය දෙසට පැමිණි යතුරුපැදිය පැදවු පුද්ගලයාගෙන් කොහේ යන්නෙ දැයි විමසීමේදී ඉන්ධන ලබා ගැනීමට යන බව පැවසීමෙන් අනතුරුව ඒ වන විට අළුයම එකට පමණ ඇති බැවින් ඉන්ධන ලබාගැනීමට ඉන්ධන හලක් නොමැති බවට පොලිස් නිලධාරීන්ට අවබෝධ වුයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා යතුරු පැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනා බිමට බැස්ස වීමේදී සැකකාර පැදිකරු පොලිස් යනුවෙන් සඳහන් වැහි කබායක් හැඳ සිටි අයුරු දැකගත හැකිවී ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලිසියට රැගෙන විත් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පැදිකරු හැද සිටි පොලිස් යනුවෙන් සඳහන් කබාය කඩවත අධිවේගී පොලිස් මුරපොල ට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙකුගේ (මාමණ්ඩිගේ) කරුණු අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා ,පොලිස් යනුවෙන් සඳහන් කබාය හා යතුරු පැදිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.