IMG-LOGO

ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයි

‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

මේ වනවිය ලොව රටවල් රැසක කොවිඩ් 19 ආසාදිතයන්ගේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ ද එක්ස්.බී.බී.1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය හේතුවෙනි.

ඇමෙරිකාවේ වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 40 කට ආසාදනය වී ඇත්තේ ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය බව ඇමෙරිකන් රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වෛද්‍ය පර්යේෂකයන් පැහැදිලි කර තිබේ.

මේ වනවිට චීන ජනගහනයෙන් සියයට 70 කට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත. ඔවුන්ගෙන් වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදයයි. ඊට අමතරව තවත් ඔමික්‍රෝන් උප ප්‍රභේද තුනක් චීනයේ ව්‍යාප්ත වෙයි.

ඉන්දියාව, සිංගප්පූරුව ආදී රටවලින් ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය වාර්තා වී තිබේ.

‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණු බවට වෛද්‍ය පර්යේෂකයන් අනතුරු අඟවා ඇත්තේ එම උප ප්‍රභේදය ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව සිරුරේ ඇතිවන ප්‍රතිදේහවලට ප්‍රතිරෝධයක් දැක්වීමය.

‘කොවිඩ් 19’ සඳහා ලබා දුන් එන්නත් සහ බූස්ටර් එන්නත්වලින් ලැබුණු ප්‍රතිශක්තියත්, ‘කොවිඩ් 19’ ආසාදනය වී ස්වභාවිකව ඇති වුණු ප්‍රතිශක්තියත් අඩපණ කිරීමට ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය සමත් බව තහවුරු වී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 647 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 774 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 334 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site