IMG-LOGO

කෙතට වතුර හැරවු කතව මරලා

(පැතුම් දර්ශන සහ ඉන්දිකා රාමනායක)

කහටගස්දිගිලිය ඊතල්වැටුනවැව ප්‍රදේශයේ කුඹුරකට ජලය හැරවිමට ගිය කාන්තාවකගේ හිසට පුද්ගලයෙකු විසින් ඊයෙ (03) රාත්‍රී හතට පමණ උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය කියයි.

මෙම පහරදීමෙන් කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ ඊතල්වැටුනවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචි ජමාල්දීන් රහුමත් උම්මා යන පනස් හැවිරිදි විවාහක කාන්තාවකි.

කුඹුරට ජලය හැරවිමට ගොස් සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය කියයි. 

උදැල්ලෙන් පහරදී ඇත්තේ මියගිය  කාන්තාවගේ  සොයුරාගේ දියණිය විවහ වී සිටින ස්වාමිපුරුෂයා බවත් ඔහු ඊතල්වැටුනවැව ප්‍රදේශයේම පදිංචි තිස් එක් හැවිරිදි පෙදරේරුවෙකු බවත් පොලිසිය කියයි.

ඝාතනය සිදුකළ සැකකරු සිද්ධියෙන් පසු ඊයෙ (03) රාත්‍රියේම කහටගස්දිගිලිය පොලීසියට භාරවී ඇති අතර ඔහු අද(04) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මියගිය කාන්තාවගේ සිරුර අද (04) උදැසන වන විටත් සිද්ධිය වූ ස්ථානයේ තිබුණ අතර ස්ථානීය මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණි. 

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්.අබේසේකර මහතාගේ උපදෙස් මත කහටගස්දිගිලිය පොලීසිය ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබයි.



අදහස් (3)

කෙතට වතුර හැරවු කතව මරලා

ganegoda Wednesday, 04 January 2023 12:32 PM

වතුර ටිකක් නිසා කාන්තාවකට උදල්ලෙන් ගහලා මරලා දාපු මේ නරුමයාව, ජීවිතාන්තය දක්වාම සිරගත කළයුතුයි.. නැතිනම් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතුයි...!

:       1       10

කමල් Wednesday, 04 January 2023 01:20 PM

ගෑණු කෙනා උදැල්ල උඩ වැටිලා මැරුනේ... ගැහුවේ නෑ... ජේවීපී තියරිය දැම්මොත් නඩුව දිනයි.

:       9       4

fairoosWednesday, 04 January 2023 05:08 PM

කමල් ඔයා නම් නියම මෝඩයෙක්....!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site